
මොරටුව සරසවියෙන් අලුත් රොබෝවෙක්
LANKADEEPA LK NEWS
(ගයාන් සුරියආරච්චි)
කතෘ මණ්ඩලය 2023 නොවැම්බර් මස 04
අතේ ඇගිලි සහ මැණික්කටුව ආශ්රිත ව්‍යායාම සිදුකිරීමට සහාය වන රොබෝ මූලාකෘතියක් මොරටුව සරසවියේ අවසන් වසර සිසුන් පිරිසක් විසින් නිර්මාණය කර තිබේ.
මොරටුව විශ්විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ, යාන්තික ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු වන කුලුණු වීරසූරි, උදීෂ කුමසාරු සහ වර්ණිත නිපුන් යන සිසුන් තිදෙනා විසින් මෙය නිර්මාණය කරනු ලැබීය.
යාන්තික ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය රුවන් ගෝපුර මහතාගේ මග පෙන්වීම යටතේ ඉන්ජිනේරු පුබුදු රණවීර හා ඉන්ජිනේරු මනුර ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම රොබෝ යන්ත්‍රය සිසුහු නිර්මාණය කළහ.
‘වර්තමානය වනවිට ශීඝ්‍ර යෙන් පැතිර යන කාපල් ටනල් සින්ඩ්‍රෝම් නැමැති මැණික් කටුව ආශ්‍රිතව ඇතිවන ස්නායු රෝගී තත්ත්වය හේතුවෙන් විශාල රෝගීන් පිරිසක් පීඩා විදිනවා. කාපල් ටනල් සින්ඩ්‍රෝම් රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගීන් 10 ත් 15 ත් අතර සංඛ්‍යාවක් එක් දිනකදී ජාතික රෝහලේදී පමණක් හදුනාගන්නා බව අපට දැනගන්න ලැබුණා. සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ පවතින සීමිත සම්පත් ප්‍රමාණය සහ භෞත චිකිත්සකවරුන්ගේ හිගය හේතුවෙන් මෙවැනි රෝගීන්ට අවශ්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර නිසි පරිදි ලබාදීම ගැටලුවක් වෙලා තියෙනවා.
ඒ ගැටලුව සදහා විසදුමක් සෙවීම උදෙසා අපි මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. මෙවැනි රොබෝවන් මගින් රෝගීන්ට අවශ්‍ය ව්‍යායාම ඉතා පහසුවෙන් කර ගත හැකි වෙනවා. මෙම රොබෝවා මගින් මැණික් කටුව නැමීම, ඉහළට එසවීම, ඇගිලිවලට ව්‍යායාම සිදුකිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මෙමගින් සිදුකළ හැකියි. ‘ යනුවෙන් නිර්මාණකරුවෝ පැවැසූහ.