
මේ වසරේදී වෙඩි තැබීම් 62ක් – 32ක් මරුට
LANKADEEPA LK NEWS
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
2023 නොවැම්බර් මස 08
සංවිධානාත්මක අපරාධ කල්ලි මේ වසරේදී වෙඩි තැබීම හැට දෙකක් කර ඇති ඇති බවත් ඒ වෙඩි තැබීම්වලින් 32 ක් මිය ගිහින් 37 ක් තුවාල ලබා ඇති බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනයට කටයුතු කළ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම සහ ඔවුන්ට තර්ජනය කිරීමේ සිද්ධින් මේ වසරේදී හතක් වාර්තාවී ඇති බවද අගමැතිවරයා කීය.
ඉන් අනතුරුව අගමැතිවරයාගේ දැනුම් දීම අනුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මජන් ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙසේ පැවසීය.
පාතාලය මර්දනය කිරීමට අපි විශාල ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සමහර ක්‍රියාමාර්ග මෙතන කියන්න බැහැ. දකුණු පළාතේ විශාල පියවර ගත්ත. අපරාධ සිද්ධීන් වලට සම්බන්ධ කරුවන් අට දෙනකු අත්අඩංගුවට අරගෙන තියෙනවා. දෙදෙනෙකු පොලීසිය සමග ගැටුම් වලට ගොස් මිය ගොස් තිබෙනවා. හැට හත් දෙනෙකු අත්අඩංගුවට අරන් හිරභාරයේ ඉන්නවා.
අපරාධකරුවන් පිරිසක් බන්ධනාගාරය ඇතුළෙ ඉඳලම කුඩු ජාවාරම් කරනවා. ඝාතන වලට අනුබල දෙනවා. විදේශ රටවල් වල අපරාධකරුවන් 30 ක් විතරයි ඉන්නවා. ඒ අයත් ඒ දේවල් කරනවා. ඒ පිරිස ගෙන්වගන්න කටයුතු කරගෙන යනවා. විදේශ රටවල් සමඟ සාකච්ඡා කරනවා. අපරාධකරුවන් වෙනම ස්ථානයක රැඳවීමට සාකච්ඡා කරගෙන යනවා