මෙරට වයස්ගතම පුද්ගලයා දිවි සැරිය නිම කරයි

0
315

මෙරට වයස්ගතම පුද්ගලයා දිවි සැරිය නිම කරයි
DIVAINA LK NEWS
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
January 15, 2024

ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා වන කොට්ටච්චි නන්දියස් හෙවත් “ලොකු අයියා” පසුගියදා (12දා) සිය දිවියෙන් සමුගත්තේය. 1914 ජුනි 03 වැනිදා උපත ලැබූ ඒ මහතා මෙතෙක් මෙරට ජීවත්වූ වයස්ගතම පුද්ගලයා ලෙස ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය නිල වශයෙන් සනාථ කර තිබේ.

නන්දියස් මහතා දරුවන් සිව් දෙනකුගේ පියාණන් වූ අතර ඉතා නිරෝගි දිවි පෙවෙතක් ගතකළ හෙතෙම සිය ජීවිතයම කැපකර ඇත්තේ කෘෂිකර්මාන්තය වෙනුවෙනි. ඔහුගේ ජීවිකාව ගහකොළ සමඟ බද්ධ වූවකි.

ලිවීමට, කියවීමට හැකියාව ඇති ඔහු පහ ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා ඇත. ඔහුගේ ගෙවත්තේ අල, බතල, මඤ්ඤොක්කා වගාකර ඇති අතර නන්දියස් මහතාව මුළු ගමම හඳුන්වන්නේ “ලොකු අයියා” යන නමිනි. ගමේ ඕනෑම අයකුගේ ආපදාවකදී ඔහු උදව්වට ගියේය.

“නන්දියස්” මහතාගේ බිරිඳ මීට ටික කලකට පෙර මියගොස් ඇත.

මියගිය නන්දියස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (13 දා) සිදුකෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here