මෙරට ජනගහනයෙන් 3000කින් එක් අයෙකුට ඒඩ්ස් ආසාදනය වී තිබෙනවා

0
265

මෙරට ජනගහනයෙන් 3000කින් එක් අයෙකුට ඒඩ්ස් ආසාදනය වී තිබෙනවා
DINAMINA LK NEWS
December 1, 2023

මෙරට ජනගහනයෙන් 3000කින් එක් අයෙකුට ඒඩ්ස් ආසාදනය වී ඇති බවට වාර්තා වන්නේ යැයි හිටපු සෞඛ්‍ය ඇමැති, අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (30) පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

එච්.අයි.වී. ආසාදිතයන් 6000ක් පමණ දැනට වාර්තා වී ඇති බවත් පසුගිය වසර කිහිපය තුළදී එච්.අයි.වී. ආසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ ගොස් තිබෙනටා.

වෛද්‍යවරුන් 10 දෙනෙක් මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මීට සති දෙක තුනකට පෙර අපි එක්ව වෛද්‍ය පාර්ලිමේන්තු සංසදයක් නිර්මාණය කර ගත්තා. ආණ්ඩු පක්ෂයේ සිටියත් විපක්ෂයේ සිටියත් කොන්දේසි විරහිතව සෞඛ්‍ය සේවාවේ දියුණුව සඳහා අපි සහාය දෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැන් කිවුවා එතුමා සෞඛ්‍ය ඇමැති වෙලා තමයි ජනාධිපති වුණේ කියලා. රමේෂ් පතිරණ මහතාටත් ඒ අඩි පාරේ යන්න ශක්තිය ලැබෙන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳ පනත් කෙටුම්පත දුර්වලයි. සුවඳ විලවුන් සම්බන්ධව, යම් වරදක් කළාට පසුව ලැබෙන දඬුවම් සම්බන්ධව අඩුපාඩු රැසක් තිබෙනවා. ඒ පනතට සංශෝධනයක් අප්‍රමාදීව ගෙනා යුතුයි. රටේ ජනතාවට අඩු මිලට ඖෂධ ලබා ගැනීම සඳහා ඔසුසැල් 50ක් ආරම්භ කරන්න කියලා සෞඛ්‍ය ඇමැතිවරයා ඉල්ලනවා. අපි ඒ කටයුතු මුලින් ආරම්භ කරලා තිබුණේ. අපේ කාලයේ අලුත් ඖෂධ 15ක් පමණ හඳුන්වා දුන්නා. අලුත් ඖෂධ වර්ග 150ක් අපිට දෙන්න පුළුවන් වුණා, සේලයින්ද ඇතුළුව. තොරතුරු තාක්ෂණ පද්ධතියේ අඩුපාඩුවක් සිදු වී ඇත්නම් කඩිනම් විමර්ශනයක් කර ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීම වැදගත්. ඖෂධ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඔයාමඩුව ප්‍රදේශයේ ආරම්භ කරන කර්මාන්ත මඟ නොනවත්වා ඉදිරියට කරගෙන යන ලෙස ඇමැතිවරයාගෙන් මම ඉල්ලීමක් කරනවා. රුධිරය යොදාගෙන සමාගම නිෂ්පාදනය කළ ඉමියුනෝග්ලෝබින් ඖෂධ ලබාදී තිබෙන්නේ කාටද කියලා අප්‍රමාදීව සොයා ඒඩ්ස් සහ හෙපටයිටීස් සඳහා ස්ක්‍රීන් එකක් කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here