
මුල් මාස තුනට අල්ලස් පැමිණිලි 1267ක් ලැබිලා
29 April 2025 | නිලන්ත මදුරාවල
මෙම වසරේ මුල් මාස තුනේ දී අල්ලස් කොමිසමට පැමිණිලි 1267ක් ලැබී තිබේ.
මෙම පැමිණිලි මත පුද්ගලයන් විසි දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. විදුහල්පතිවරයෙක්, පොලිස් නිලධාරීහු සය දෙනෙක් සහ වෙනත් රජයේ නිලධාරීහු හත් දෙනෙක් ද ඒ අතර වෙති.
ලැබී ඇති පැමිණිලිවලට අදාළව වැටලීම් 24ක් සිදු කර තිබෙන අතර චූදිතයන් විසි හතර දෙනකුට එරෙහිව නඩු පවරා තිබේ. පොලිස් නිලධාරීන් හත් දෙනෙක්, පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන් දෙදෙනෙක් සහ ප්‍රාදේශීය සභාවල කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනෙක් ඒ අතර සිටිති.
ප්‍රමාණවත් තොරතුරු නොමැතිකම සහ අල්ලස් පනතට අදාළ නොවන හෙයින් ලැබී තිබෙන පැමිණිලි අතරින් 365ක් විභාග නොකිරීමට කොමිසම තීරණය කර ඇත (Aruna lk News)