
මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයනය ආදායම ඉහළට
ARUNA LK NEWS
28/06/23 – 5 hours ago
ශ්‍රී ලංකාවේ මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
එහි සභාපති විරාජ් ද සිල්වා මහතා පැවසුවේ 2022 වසරේ ජනවාරි මස සිට එම වසරේ මැයි මස 31 දක්වා වූ කාලසීමාව තුළදී ලැබූ ආදායම හා සසඳන විට එම අගය සියයට 32කින් ඉහළගොස් ඇති බවය.
ඒ අනුව 2023 වසරේ එම කාලසීමාව තුළදී මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයනය හරහා උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 222කි.
2022 වසරේ එම කාලසීමාව තුළදී මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයනය හරහා උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 161කි