
මාසෙට පරිගණක හැක් පැමිණිලි 3000ක්
MAWBIMA LK NEWS
By Amith Maduranga Gamage –
නොවැම්බර් 10, 2023
සයිබර් ප්‍රහාර (හැක්වීම) පිළිබඳව දැනුම් දීමට සර්ට් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (සර්ට්) මාසයකට දුරකතන ඇමතුම් 3,000කට වඩා ලැබෙන බව එම ආයතනයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉන්ජිනේරු නිරෝෂ ආනන්ද ඊයේ (නොවැ. 9) පැවසීය.
එසේ ම, දිනකට පුද්ගලයන් 25-30 අතර ගණනක් ආයතනය වෙත පැමිණ දුක්ගැනවිලි ඉදිරිපත් කරන බවත්, විද්‍යුත් තැපෑලෙන් (ඊමේල්) තවත් පැමිණිලි සියයකට වඩා ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති සයිබර් ආරක්ෂණය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩමුළුවකදී ආරක්ෂණ ඉන්ජිනේරුවරයා මේ බව කීවේ ය.
මෙරට තුළ සයිබර් ප්‍රහාරයන්ට ලක්වීම් 2022 වසරේදී 40,000ක් සහ 2023 වසරේදී 60,000ක් සර්ට් ආයතනයට වාර්තා වී තිබෙන බව ද ඔහු පැවසීය.
වෙබ් අඩවි, ෆේස්බුක්, වට්ස්ඇප්, ටික්ටොක් යන සමාජ මාධ්‍ය සයිබර් ප්‍රහාරයන්ට ලක්වීම් පිළිබඳව මෙන්ම බුද්ධිමය දේපළ, වීඩියෝ, දත්ත හා මෘදුකාංග සොරා ගැනීම් පිළිබඳව සර්ට් ආයතනයට වැඩි වශයෙන් පැමිණිලි ලැබෙන බ වද හෙතෙම ප්‍රකාශ කළේ ය.