මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි

0
234

මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි

ARUNA LK NEWS
01 February 2024

මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි
Meta හිමිකරු Mark Zuckerberg ඇතුළු සමාජ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැඳවා තිබේ.

ඒ, සමාජ මාධ්‍ය තුළින් දරුවන්ට සිදුවන හානිය පිළිබදව කරුණු දැක්වීම සඳහායි.
එහිදී Meta ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

මේ සඳහා Mark Zuckerberg ට අමතරව TikTok, Snap, X (Twitter) සහ Discord යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සහභාගී වී සිටියා.
පැය 4කට අධික කාලයක් ඔවුන් කරුණු දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සඳහා සමාජ මාධ්‍ය හේතුවෙන් පීඩාවට පත් වූ දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් ද පැමිණ තිබේ.

මෙහිදී Meta ප්‍රධාන විධායක Mark Zuckerberg සහ TikTok හි ප්‍රධාන විධායක නිලධාරී Shou Zi Chew ස්වේච්ඡාවෙන් සාක්ෂි දීමට එකඟ වී තිබුණි.
නමුත් අනෙකුත් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here