මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනිසා හිත්පිත් නැති අළුගෝසුවන්ගෙන් ඝාතනයට ලක්වී නීතිඥ කාංචන අබේපාල ඝාතනයවි අදට වසර 37ක් සපිරේ

0
23

Lanka News UK

28.08.25

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනිසා හිත්පිත් නැති අළුගෝසුවන්ගෙන් ඝාතනයට ලක්වී නීතිඥ කාංචන අබේපාල ඝාතනයවි අදට වසර 37ක් සපිරේ

ළඟදීම ඔබ වෙත ගෙන එන වසර 37 පෙර සිදු කරනු ලැබූ කුරිරු අලුළුගෝසුවන්ගේ ඝාතන රැල්ලට ගොදුරුවී ඝාතනයට ලක්වූ නීතිඥ 15 දෙනෙකුගේ පිළිබඳ කතා පුවතින් බිඳක් – මේ ඉන් එක කොටසක්

නීතිඥ කංචන අබේපාල – (1961-1989 )

නීතිඥ කංචන අබේපාල උපත ලබා තිබුනේ 1961 ඔක්තෝබර් මාසයෙහිය,ඔහු ප්‍රා සංවිධානය විසින් 1989 අගෝස්තු 28දා ඝාතනය වන විට ඔහුගේ වයස 28 පිරුණා පමණක් විය. ඔහු තිදෙනකුගෙන් යුත් ඒ පවුලේ එකම පුත්‍රයා විය.අනිත් දෙදෙනා සොහොයුරියන් විය,ඔවුන් වත්මන්හි නීතිඥයින් ලෙස කටයුතු කරන අය වෙති.මව ගුරුවරියක්වූ මාග්‍රට් ගුණසේකර වූ අතර පියා කොළඹ නගර සභාවේ හා ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය කළ විධායක නිලධාරියෙකු විය.ඔවුන් පදිංචිව සිටියේ කොළඹ 5 නාරාහේන්පිට තට්ටු නිවාසයේය. කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව ඔහු කොළඹ නීති විද්‍යාලයට ඇතුලුවී නීතිඥයකු ලෙස දිව්රුම් දී තිබුණේ ය. ඔහු සෙසු නීතීඥයන් ඝාතනය නොනැවතිම රජය විසින් සිදු කලේ ඉවක් බවක් නොමැති සහාසික අයුරකින් බව කිව යුතුය.ඉන් අනතුරුව ගුණසේකර මහතාගේ සොහොයුරියගේ පුත්)නාදුනන අවිගත් පිරිස් පැමිණ ඝාතනය කරනු ලැබු බව වාර්තා කර තිබුනි. ඒ සිදුවීම මෙම ඝාතනය සිදුකර තිබුණේ ප්‍රින්ස් ගුණසේකර මහතා සිය නිවසේ සිටින විට එහි පැමිනි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ හා ඇමරිකන් තානාපති කාර්යාලයේ නිලධාරින් ,පිරිසක් පැමින හැඳිවත පිටින්ම ( සරමක් හා බැනියමක් ඇඳ සිටි )ඔහුව සිය නිවසින් බලෙන්ම කැඳවා ගෙන ගොස් ඔවුන් විසින් කොළඹ සංචාරක හෝටලයක රඳවා ගෙන තිබු ඇයුරු ඔහු ජිවතුන් අතර සිටියදී ගුණසේකර මහතා මට පැවසුවේ මෙම සිදුවීම ඔහුට අදහා ගත නොහැකි බව පවසා සිටියේ මේ පිලිබඳ කිසිවක් ඔවුන් පවසා නොතිබු හෙයිනි. පසුව මෙම නිලධාරින් ඔහු ගුවන් යානයට කැඳවාගෙන ගොස් ඒ යානය ගුවන්ගත වෙනතෙක් සිටි බැවින් ඔහු ගේ ජීවිතය බේරාගැනීමට හැකිවී තිබුණි .

මෙම සිදුවීම නිසා බලධාරින් ඔහුගෙන් පලිගැනිමට සිදුකර තිබුනේ ඔහුගේ කණිශ්ඨ නීතිඥයා ලෙස කටයුතු කර සිටි ඔහුගේ සහෝදරියගේ පුතුවු කාංචන අබේපාල නම් තරුණ නැගීගෙනා ආ දක්ශ නීතිවේදියෙකු ලබාල වියෙහිදීම නාදුනන තුවක්කු කරුවකු වීසින් රෑ වෙඩිතබා ඝාතනය කලේ දිවයිනේ මුලු මහත් නීතිඥ සමුහයම කම්පාවට පත්කරවමිණි.මෙදින මෙම මේ තැබීම නිසා ඔහුගෙ පියාටද වෙඩිවැදී තිබුනු අතර ඔහු ගේ ජීවිතය බේරී තිබුනේ අනුනවයෙනි.මෙම සිදුවීම නිසා කෝපයට පත් බලධාරින් හා ඔවුන්ගේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක කෙරුණු ඝාතන කණ්ඩායම් ඔහුගෙන් පලිගැනිම සඳහා සිදුකර තිබුනේ එකී ඝාතක කණ්ඩායම ලවා ඔහුගේ කණිශ්ඨ නීතිඥයා ලෙස කටයුතු කර සිටි ඔහුගේ සහෝදරියගේ පුතුවු කාංචන අබේපාල නම් තරුණ නැගීගෙනා ආ දක්ශ නීතිවේදියෙකු ඔහු වෙඩි තබා ඝාතනය කිරිමෙනි.මේ ඝාතනය ප්‍රා කණ්ඩායම විසින් සිදු කළබව මේවනවිට බොහෝ ඒ පිලිබඳ මානව හිමිකම් සංවිධාන වල කෘතිවල හා වෙබ් අඩවි රැසක ද පලවී ඇත.

කාංචන ඔහු බිලිගත් දින 1989 08 28 මා හා අලුත්කඩේ උසාවියේ සමුගත් මොහොත මට අද මෙන් මැවී පෙනෙයි. එදින හර්තාල් පැවතී දිනක් නිසා උසාවිවල වැඩකටයුතු සිදු කෙරුනේ නැත. මා මගේ අලුත්කඩේ බෙල්මන්ට් පාරේ පිහිටි කන්තෝරුවේ සිට කන්තෝරුවේ ඉඳ නඩුවල ලේඛන කටයුතුවල නිරතව සිටියේය.හදිසියේම කාංචන මා සොයා එහි පැමිණියේ ශාන්ත අයියා මගේ කර එක ස්ටාට් කරන්න බෑ . ඔයා දන්න කවුරුත් ඉන්නවද ඒක හදාගන්න.රථ අලුතින් මිලදී ගත් එකක් නිසා මටද ඒ ගැන සොයා බැලීමට ඔහුගේ රථය නවතාතිබු ස්ථානයට ගොස් බැලුවද අප ඒ ගැන දැනුමක් නැතිනිසා අපේ කන්තොරුව අසළ ගරාජයේ වැඩකළ ඩැනී බාස්ට මේ බව කියා සිටි අතර ඔහු කියාසිටියේ එහි ඩිස්රිබුටරයේ වයරයක් පිළිස්සී ඇතියි කියාය .මෙය අලුත් වාහනයක් ටොයෝටා බි 310 නිසා කිසි දිනෙක එවැන්නක් විය නොහැකි බවය.ඔහු එය අදාල කොටස් මිලදී ගෙන සවි කරන තුරු අපි කතාබහේ දී සිටියේය. ඔහු ගුණසේකර මහතාගේ හබයාකොපස් නඩු වල මහා ෆයිල් ගොඩක්රැගෙන අලුත්කඩේ ඇවිත් තිබුනේ ඒවායේ ඉතිරි වැඩකටයුතු කිරීමටය.එදා මා කාංචනට කිදෑ අදමෙන් මතකය,මල්ලි ඔයත් කොහේ හරි රටකට යන්න ටික කළකට.මටත් හිතනවා, මං පවුල් කාරයෙක් දරුවෝ ඉන්න. ඔයාට ඕනනං මම සල්ලි දෙන්නම්.මට හේමන්ත වර්නකුලසුරිය කතාකළා හොංකොං යන්න .ඔයාට කැමති නම් මම එයාට කතාකරන්නම් මාස 6 ක් විසා නැතිව එහෙ ඉන්න පුළුවන් කියල එයා කිවා.මේ ගැන කිසිත් නොකියා ඔහු සිනාසුන පමණි.ඔහු ඩැනී බාස් රථය දිමෙන් පසුව මගෙන් සමුගෙන යනවිට දහවල් 12ට පමණ විය. ඒ අපගේ අවසන් සමුගත් මොහොත් වියයි මා කිසිදාක නොසිතුවේය.

කාංචන ඔහු බිලිගත් දින 1989 08 28 මා හා අලුත්කඩේ උසාවියේ සමුගත් මොහොත මට අද මෙන් මැවී පෙනෙයි.ඔහුගෙ වෙඩි තැබීමේ සිද්දිය එදින රෑ මට දෑනුම් දුන්නේ ඔහුගේ නිවස සංකීර්ණය අසළ නිවසක සිටි මාගේ සේවාදායිකවක ගෙනි.මෙම ඝාතනය පිළිබඳ මා අද පවා කම්පාවේ. කිසියම් දිනක අපේ අධිකරණය බබලවන්නට සිටි මල් කැකුලක් වෙඩිතබා ඝාතනය කරන්නට තරම් දුෂ්ඨ පාලක පිරිසක් අපේ දිවයිනේ පහලවී තිබීම අහස පොලොව නොඋසුලන අපරාධයකි ඒ සඳහා එතෙක් මෙතෙක් සිටි පාලකයන් නිහඬය. ඔහු වැනි තරුණ අහිංසක කිසිවෙකුටවත් කරදරයක් නොකල දේශපාලනයට කිසිදු සම්බන්දයක් නොතිබු එවැන්නනකු රජය විසින් ඝාතනය කරනවා නම් එවැනි රටක සිටීම තව දුරටත් සිටීම පවා මට දෙවරක් සිතිය යුත් නැතැයි මාහට සිතුණි . මා හට එකල අපරටේ සිටි ජේෂ්ඨ නීතිඥයන් බොහෝ දෙනෙකු (විශේෂයෙන් නැසීගිය එවකට නීතීඥ සංගමයේ සබාපති වු ජනාධිපති නීතීඥ එච්.එල් ද සිල්වා,ඩෙස්මන් ප්‍රනාන්දු ,,ආර් .කේ ඩබ්ලිව්.ගුණසේකර,) පවසා සිටියේ ටික කලකට හෝ ඔබත් මේ රටින් බැහර වී සිටියොත් හොඳයයි අවවාද අනුසාශනා කල බැවිනි.

ඔහුගේ දේහය ජයරත්න මල් ශාලාවේ තිබෙන බව දැනගත් මා එතනට ගියේ තවත් විස්තර දැනගැනීමේ අදහසිනි. එහි දී මට දැනගන්නට ලැබුණේ පසුදා 1989 08 29 කාංචන මෘතදේහය ජයරත්න මල් ශාලාවේ සීල් තබා තිබෙන බවත් කිසිවෙකුට එය බලන්නට ඉඩනොදෙන බවය. එහි සේවය කල මා කලක පටන් දන්නා අයෙකු දන්නා මට රහසින් මෙන් දැනුම් දුන්නේ මෙය වටේම සිවිල් ඇඳුමෙන් සැරසුනු එස්.ටී.එෆ් හ රහස් පොලීසියේ අය සිටින බවත්, හෙට උදැසන 8 ට මිහිදන් කරන බවත් පවුලේ අයට පමණක් ඒ සඳහා පැමිනිමට අවසර දී ඇති බවය.මා නියෝජනය කල සංගම්වල තීරණයක් අනුව මල් වඩම් නීතිවේදීන්ගේ අවමගුල් සඳහා යැවීම ජයරත්න මල් ශාලාවෙන් සිදු කරනු නිසා මා ඔවුනට එය කරන්නයි ඉල්ලීමක් කළේය.ඔවුන් මට කිවේ වහාම එතනින් යන්න කියා දැනුම් දුන්නේ මගෙ ආරක්ෂාව එහි නොතිබු බැවිනි.

පසුදා උදේ 8,00 අවමගුල් කටයුතු සිදු කරනබව රහසින් පවසා සිටියේ කලක සිට මා ඔවුන් දැන හැඳිනගෙන තිබු බැවින්ය.මට කෙසේ හෝ ඔහුගේ දේහයට අවසන් හෝ ගෞරව කරන්නට අවශ්‍ය විය.ඒ සඳහා සුසාන භූමියට ගියේ කිසිදු අවසරයක් නොමැතිවය.පසුදා උදෑසන මගේ රථය නැවැත්වුයේ බොරැල්ලේ හරස් පාරකය.මා එනවිට කනත්ත වටා අඩි 10- 10 ට පමණ යුධ හමුදාවේ අවිගත් සොල්දාදුවන් කනත්ත වටා යොදවා තිබුනි.ඔහුව රජය විසින් සළකා තිබෙනේ ත්‍රස්තවාදියෙකු ගණයට බව කිව යුතුය.මිනිස් පුළුටක් නැති මාවත් ඔස්සේ පියවර නගන විට ඉතා පාලු නිහඬ තාවයක් මෙන්ම මෙම ශෝකී ස්වභාවයක් මුළු මහත් පෙදෙසෙම දිස්විය.මා කෙසේ බියෙන් තැති ගනිමින් හෝ ඔහුගේ අවසන් මිහිදන් කරන තැනට ගිය විට ඔහුගේ මව හා සොහොයුරියන් ද, ඔහු සමග වැඩකල ජේෂ්ඨ නීතිඥයන්වන ෆයිස් මුස්තපා,ආර්.කේ ඩබ්ලිව්.ගුණසේකර හා ගුණසේකර පවුලේ කිහිප දෙනෙකු එහිදී මට මුණ ගැසුනි. එහිදී ප්‍රින්ස් ගුණසේකර මහතා ආරක්ෂිතව සිටින බව වෙද්‍ය ගුණසේකර මහත්මිය ගෙන් මට දැනගන්නට ලැබුනි.ඈ එය දැනුම් දුන්නේද රහසිනි.

ඒ අප සමග මානව හිමිකම් සඳහා සටනේ යෙදී සිට ඝාතනය වූ සිව් වැන්නා කාංචන විය.ඔහු වෙනුවෙන් සර් වෝදය ආයතනය විසින් අනුස්මරණ කලාපයක්ද, රැස්වීම් කිහිපයක්ද සංවිධානය කර තිබුණි.එක සමුලුවක හිටපු අගවිනිසුරෙකුවූ සරත්ද සිල්වා මහතා ඔහු පිලිබඳ දේශනයක්ද පැවත්විය. ඔහු වෙනුවෙන් නීති විද්‍යාලයේ ශිෂ්සත්වයක් පිරිනමනු ලබන අතර පුස්තකාල රැසකට පොත් ප්‍රධානය කිරීමද වසරපතා පවුලේ හා මිතුරන් විසින් ප්‍රධානය කරනු ලැබේ. මෙම රැල්ල එතනින් නැවතුනේ නැත.

කාංචන ප්‍රින්ස් ගුණසේකර මහතා විසින් ආරම්න්භ කරනු ලැබූ මානව හිමිකම් සංවිධානයේ සම ලේකම්වරයකුවිය. ඒමගින් රටේ බොහෝ පෙදෙස්වල පවත්වනු ලැබූ ප්‍රජා සහන සේවා වැඩසටහනට සහභාගිවූ අයෙකු විය.ඔහු

ප්‍රවීණ ගවේෂනාත්මක පොත් රැසක කතුවරයෙකු මේන්ම් කතුවරයෙකුව දක්ෂ මාධ්‍යවේදියෙකුවූ ධර්මන් වික්‍රමරත්නය විසින් ලියවී තිබු මාහැඟි කෘතියක්වූ ජවිපෙ දෙවැනි කැරැල්ල පොතේ ඒ පිලිබඳ විස්තරයක යෙදෙමින් සඳහන් කර ඇත්තේ කාංචන ඔහු සමග කෙන්යාවේ පැවති අන්තර් ජාතික සමුළුවකට සහභාගිවීමට කෙන්යාවට ගිය බවය.තවද සර් වෝදය නීති සහන සේවයට සම්බන්ධව සිටි බවත් ඔහු හබයාස්කොපස් නඩු සියගණනක් ඒ වනවිට ගොනුකර ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබූ නීතිවේදීයෙකු බවය. ඔහුගේ සොයුරියන් දෙදෙනාම නීතිවේදීන් වෙති.

මිට පෙර එම කාල වකවානුවේදීම විජේදාස ලියනාරච්චි. සේපාල රත්නායක හා චරිත ලංකාපුර ඝාතනය කර තිබුණි.නීතිඥ විජේදාස ලියනාරච්චි 1988 අගෝස්තු 25දා පොලිස් අත්අඩංගුව ගෙන සිටියදී පැහැර ගෙනගොස් දින ගණනාවක් තිස්සේ රඳවාගෙන දෙතිස් වදදෙමින් අවසානයේ බටලන්දේ වධකාගාරයට ගෙනගොස් මරණීය තුවාල සිදුකර රෝහල් ගතකිරීමෙන් පසු මියගියේය.එකී නඩුවේ තීන්දුව සහිත සවිස්තරාත්මක දෑ ඔබ හමුවට වසර 37 පසුව හෝ ගෙන එන්නෙමු.

සේපාල රත්නායක 1989 පෙබරවරි මහමැතිවරණයේදී දී මැතිවරණ කටයුතුවල යෙදෙමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් ද, චරිත ලංකාපුර 1989 ජුලි 7දා ඒ පරිද්දෙන්ම නාදුනන තුවක්ක්තුකරුවන්ගේ වෙඩි පහරින් මිය ගොස් තිබුණි. මේ ඝාතන රැල්ලේ පළමුවන ඝාතනය හැරුනුවිට අන් කිසිදු එකක් සම්බන්ධව අධිකරණමය ක්‍රියාදාමයක් නොපැවැත්විණි.මෙසේ සිදුවූ ඝාතන රැසකි. ඒ සියල්ලේ විස්තර ඔබවෙත යථා කාලයේදී ගෙනෙන තෙක් තවමත් මේ ඝාතන පිළිබඳ යුක්තිය ඉටුවනතෙක් අපි බලාසිටින්නෙමු.මිතුරණේ , අපි තවමත් යුක්තිය ඉටුවනතෙක් බලා සිටින්නෙමු.

නීතිඥ ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යු .කේ.@

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here