15 වන අභිමානවත් සංවත්සරය ජනවාරි 15 වන ඉරිදා ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයේදී මහකොමසාරිස්තුමිය සරෝජා සිරිසේන මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පැවත්විය. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය (British Sri Lankan Forum ) මගින් සංවිධානය කරනු ලැබූ මෙම උළෙල ආරාධිතයින්ට පමණක් සීමාවූ අතර එය බ්‍රිතාන්‍යයේ උපත ලබා මෙහි ජිවත්වන දුදරුවන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීම මෙම උළෙලේ කැපී පෙනෙන සංසිද්ධියක් ලෙස හැඳින් වියහැක. ප්‍රධාන දේශන හැරුණු විට එහි සියලුම දේශනා හා සෙසු කටයුතු ලොකු කුඩා දුදරුවන් ගේ සහභාගිත්වයෙන් සිදු කිරීම කැපී පෙනෙන විශේෂත්වයක් ලෙසත් එය ආදර්ශමත් කරුනක් වූ බව මෙහිලා සඳහන් කල යුතුය.
චාරිත්‍රානුකුලව මගුල බෙර වයා පොල්තෙල් පහන් දල්වා ඇරඹුණු මේ උළෙලේදී සිය මව්බිම වෙනුවෙන් එල්ටීටීඊ කොටි ත්‍රස්ත වාදීන් ගෙන මව් බිම බේරාගැනීමට දිවි හිමියෙන් සටන වැදුණු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ රණවිරුවන් උදසා පහන් දල්වා මල් කළඹ බැගින් පුද කරමින් උත්සවයේ වැඩ කටයුතු ඇරඹිණි.මෙහිදී හමුදා බල ඇණිවල අනු යුක්තවූ ධජ වලටද නිසි ගෞරවය පුද කිරීම මෙහි වෙසෙන එකී හමුදා බල ඇණිවල දී සිටි විශ්‍රාමිකයන් විසින් සිදු කරනු ලැබුවේය.බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදයේ සභාපති ජනක අලහප්පෙරුම හා එහි ලේකම් අසේල ජයසේකර යන මහතුන්ද මෙහි උත්සව සභාව අමතනු ලැබිය.
මෙය ශ්‍රී ලංකාවෙන් පිටත වාර්ෂිකව පැවැත්වෙන එකම රණවිරු උපහාර උළෙල වේ.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය – British Sri Lankan Forum
සේයාරූ :-
මාතෘභුමි වන්දනා- රණවිරු උපහාර 2022 (2023 ජනවාරි)
Date: