මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

0
67

November 15, 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී දිවයින පුරා ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ඡන්ද 6,863,186ක් ලබා 61.56% ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගෙන ඇත.

ඒ අනුව දිස්ත්‍රික්ක මට්ටමින් තෝරා පත් කර ගනු මන්ත්‍රීධුර 196න් මන්ත්‍රීධුර 141ක් සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 18 ක් සමඟ මන්ත්‍රීධුර 159 ක් හිමි කර ගැනීමට සමත් වී තිබේ.

සමගි ජන බලවේගය ඡන්ද 1,968,716ක් ලබා 17.66% ප්‍රතිශතයක් හිමි කර ගෙන ඇත.ඒ අනුව ඔවුනට මන්ත්‍රීධුර 35ක් සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 05ක් සමග මන්ත්‍රීධුර 40ක් හිමිව තිබේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඡන්ද 257,813ක් ලබා 2.31% ප්‍රතිශතයක් හිමි කර ගෙන ඇත.ඔවුනට හිමිව ඇති මන්ත්‍රීධුර සංඛ්‍යාව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 01 සමග 08කි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 500,835ක් ලබා 4.49% ප්‍රතිශතයක් හිමි කර ගෙන තිබේ.ඒ අනුව මන්ත්‍රීධුර 03ක් සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 02ක් සමග මන්ත්‍රීධූර 05ක් හිමිව ඇත.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 350,429ක් ලබා 3.14% ප්‍රතිශතයක් හිමිව තිබේ.ඔවුනට මන්ත්‍රීධුර 02ක් සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 01 ක් සමඟ මන්ත්‍රීධූර 03ක් හිමිව ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් ලබා 0.78% ප්‍රතිශතයක් හිමිව තිබේ.ඔවුනට මන්ත්‍රීධුර 02ක් හිමිව ඇත.එක්සත් ජාතික පක්ෂය ඡන්ද 66,234ක් ලබා 0.59% ප්‍රතිශතයක් හිමි කර ගෙන මන්ත්‍රීධුර 01ක් හිමි කර ගෙන ඇත.සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ඡන්ද ඡන්ද 39,894ක් ලබා 0.36% ප්‍රතිශතයක් හිමි කර ගෙන මන්ත්‍රීධුර 01ක් හිමි කර ගෙන ඇත.

ස්වාධීන 17 යාපනය ඡන්ද 27,855ක් ලබා 0.25% ප්‍රතිශතයක් හිමි කර ගෙන තිබේ.ඒ අනුව ඔවුනට මන්ත්‍රීධුර 01ක් හිමිවී ඇත.ජනනායක තමිල් තේසීය කුට්ටනි ඡන්ද 65,382ක් ලබා 0.59% ප්‍රතිශතයක් හිමි කර ගෙන මන්ත්‍රීධුර 01ක් හිමි කර ගෙන තිබේ.

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ඡන්ද 17,710ක් ලබා 0.16% ප්‍රතිශතයක් හිමි කර ගෙන මන්ත්‍රීධුර 01ක් ලබා ගෙන ඇත . සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඡන්ද 33,911ක් ලබා 0.3% හිමි කර ගෙන මන්ත්‍රීධුර 01ක් හිමි කර ගෙන තිබේ.සර්වජන බලය පක්ෂය ඡන්ද 178,006 ක් ලබා 1.6% ප්‍රතිශතයක් හිමි කර ගැනීම නිසා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 01ක් හිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here