මහා සිකුරාදා අදයි

0
44

මහා සිකුරාදා අදයි
18 April 2025

ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අද (18) සමරනු ලබයි.

ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුනුවන් අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරය යෙදීම ආදි ආගමික වත්පිළිවෙත්වල නිතරවීමද සිදුවේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදිම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය.

පාස්කු ඉරිදා දිනයට සමගාමීව ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් රට තුළ අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබේ. (Aruna lk News)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here