මහමැතිවරණයට ඉම්රාන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරයි

0
220

DINAMINA LK NEWS

02/01/24

පාකිස්තානයේ එළැඹෙන මහමැතිවරණයට තරග කිරීම සඳහා හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නාමයෝජනාව එරට මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දැනට බන්ධනාගාරගත වී සිටින ඉම්රාන් ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත පාකිස්තාන මහමැතිවරණයට තරග කිරීම සඳහා පසුගියදා සිය නීතිඥවරයා මාර්ගයෙන් නාමයෝජනා භාර දී ඇති අතර, සිරගත වීම හේතුවෙන් වසර 5කට දේශපාලනය තහනම් වන බැවින් ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කළ බව පාකිස්තාන මැතිවරණ කොමිසම දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

ඉම්රාන් ඛාන්ගේ රජය යටතේ ඇමැතිධුර දැරූ දේශපාලඥයන්ගේ නාමයෝජනා ද ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

මහමැතිවරණයට ඉම්රාන්ගේ නාම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here