
මනූෂ සහ හරීන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
By Mawbima lk News
-අගෝස්තු 9, 2024
සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (අගෝ. 9) තීන්දු කරනු ලැබ තිබේ.
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දී ඇත.
මෙම තීන්දුව ලබා දී ඇත්තේ, ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.