මනම්පිටිය බස් අනතුරිින් 11ක් මරුට,40කට තුවාල

0
395

මනම්පිටිය බස් අනතුරිින් 11ක් මරුට,40කට තුවාල
LANKADEEPA LK NEWS
කතෘ මණ්ඩලය 2023 ජුලි මස 09
(සුජිත් හේවාජුලිගේ, නිමල් ජයරත්න සහ ක.ග කරුණාරත්න)


කදුරුවෙල සිට අක්කරේපත්තුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් අද (9) රාත්‍රී 7.30 ට පමණ පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලමේ හැපී කොටලීය ඔයට පෙරළීමෙන් 11 දෙනෙක් මරුමුවට පත්ව 40 දෙනෙක් බරපතළ තුවාල ලබා පොලොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටිති.

මියගිය සහ තුවාල ලැබූ මගීහු අක්කරේපත්තුවේ පදිංචිකරුවෝ වෙති. මෙම බස් රථයේ මගීන් හැට හත් දෙනකු ගමන් කර ඇති බව පොලිසිය පවසයි.

බස් රථයේ සිරවී සිටි මගීහු යුද හමුදාවේ,පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් බේරා ගෙන රෝහල් ගත කරනු ලැබූහ.

බස් රථයේ සිටි මගීන් කිහිපදෙනකු ඔයේ ගසාගෙන යන්නට ඇතැයි සැක කෙරෙන අතර කිමිදුම්කරුවෝ කණ්ඩායමක් ඔවුන් සොයා ගැනීමට මේ වන විටත් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිති.
වේගයෙන් පැමිණි බස් රථය එක වරම කොටලීය පාලමේ හැපී ගඟට පෙරළී ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

බස් රථය ඔයට පෙරළෙද්දී මගීන් මර හඬදී කෑ ගැසූ බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

අනතුර සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here