මතීෂ පතිරණ විස්ඩන් IPL කණ්ඩායමට

0
289


ARUNA LK NEWS
01/06/23-
2 days ago


ලොව ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇසුරින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබේ.


එම කණ්ඩායමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
එම කණ්ඩායම සඳහා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගවැදුණු කණ්ඩායම් 7ක් සඳහා එක්වූ ක්‍රීඩකයින් තෝරාගෙන ඇත.


විස්ඩන් සඟරාව නම් කළ 2023 IPL කණ්ඩායම පහතින්,
ෆෆ් ඩු ප්ලිසිස් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
යෂස්වි ජයිස්වාල් (රාජස්ථාන් රෝයල්ස්)
ශුබ්මන් ගිල් (ගුජරාට් ටයිටන්ස්)
සූර්යකුමාර් යාදෙව් (මුම්බායි ඉන්දියන්ස්)
හෙන්රිච් ක්ලාසන් (කඩුළු රකින්නා) (සන්රයිසස් හයිද්‍රාබාද්)
රින්කු සිං (කොල්කටා නයිට් රයිඩර්ස්)
රවීන්ද්‍ර ජඩේජා (චෙන්නායි සුපර් කිංග්ස්)
රෂීඩ් ඛාන් (ගුජරාට් ටයිටන්ස්)
මොහොමඩ් ෂාමි (ගුජරාට් ටයිටන්ස්)
මෝහිත් ෂර්මා (ගුජරාට් ටයිටන්ස්)
මතීෂ පතිරණ (චෙන්නායි සුපර් කිංග්ස්)

ARUNA LK NEWS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here