
භූ කම්පනයේ සුන්බුන් අතරින් දින හතරකට පසු කාන්තාවක් බේරාගනී
ARUNA LK NEWS
07 January 2024
භූ කම්පනයේ සුන්බුන් අතරින් දින හතරකට පසු කාන්තාවක් බේරාගනී
ජපාන භූමි කම්පාව සිදුවී දින 4 කට පසු, සුන්බුන් අතර සිරවී සිටි 90 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මුදාගැනීමට සහන සේවකයන් සමත්ව වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මහල් දෙකකින් සමන්විත ගොඩනැගිල්ලක සුන්බුන් අතරේ මෙම වයෝවෘද්ධ කාන්තාව සිරවී සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පසුගිය පළමු වැනිදා ජපානයට බලපෑවේ රික්ටර් පරිමාණයේ ඒකක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවකි. භූමි කම්පාවෙන් මියගිය ගණන 120 තෙක් ඉහළ ගොස් තිබේ. අතුරුදන් ගණන 250 ඉක්මවයි. තුවාල ලැබූ ගණන 350 කි.