
බුදු දහමින් ලක් දෙරණ ආලෝකමත් වූ පොසොන් පෝය දිනය අදයි
බුදු දහමින් ලක් දෙරණ ඒකාලෝක කළ උතුම් පොසොන් පුර පසලොස්වක පොහොය අදට(ජුනි මස 10) යෙදී තිබේ.
මෙවර සැමරෙන්නේ 2332 වැනි පොසොන් මංගල්‍යයයි.
ඒ වෙනුවෙන් මිහින්තලාව ප්‍රමුඛ අනුරාධපුර අටමස්ථානය ඇතුළු දිවයිනේ සියලු වෙහෙර විහාරවල විවිධ පිංකම් සංවිධාන කර තිබේ.
මෙවරත් ජාතික පොසොන් උත්සවය මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත් අතර දිවයිනපුරා විහාරස්ය්ථානවල ආගමික වැඩසටහන් රැසක් අද සංවිධානය කර ඇත.
පොසොන් පෝදා ආගමික වැඩසටහන් මිහින්තලා පුද බිමේ සිට අද දවස පුරා ගෙන ඒමට ශ්‍රී ලංකාවේ රුපවාහිනී මාධ්‍ය ජලා සියල්ලම විසින් සංවිධානය කර තිබේ.
අනුබුදු මිහිඳු හිමිගේ ලංකා ගමනය සිදුවූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනයෙදිය.
මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකක් බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම රැගෙන මිහින්තලා පව්වට වැඩම කරවීම අද වැනි පොසොන් පුර පසළොස්වක පෙහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්දේවානම් පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්ථි පදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම සිදු වූයේද අද වැනි පොසොන් පොහොය දිනකය.