බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක් වෙත පොලීසිය විසින් දඩ නියම කරයි

0
354
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක් වෙත පොලීසිය විසින් දඩ නියම කරයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තම මෝටර් රථයෙන් ගමන්කරමින් සිටින අතරවාරයේ  කරණු  ලැබූ කතා බහක් බීබීසී  ස්කයි ඇතුළු  මාධ්‍ය වෙත පසු ගිය දා සිය මාධ්‍යවල  ප්‍රචාරය කෙරුණි. මේ සමගම සමාජ මාධ්‍ය මගින්  එම පුවත සඳහා විඩියෝවක් මුදාහැර තිබූ අතර එහි රූප රාමුවලට අනුව ඔහු ආරක්ෂක බඳ පටි පැළඳ නොසිටි බව එම පුවත් විසින් පෙන්වා දී තිබුණි.එම පුවතින් ඔහු මෙරට සිය මෝටර් රථයේ පසුපස අසුනේ ආරක්ෂක බඳ පටි භාවිතයෙන් තොරව ගමන් කිරීම නිසා රථවාහන  නීතිය  කඩ  කර ඇති  බවට එම සමාජ මාධ්‍ය පෙන්වා දී තිබුණි. 

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තම මෝටර් රථයෙන් එදින නිල  කටයුත්තක් සඳහා ගමන්කරමින් සිටින අතරවාරයේ මෙම සිදුවීම ඔහු අතින් සිදුව ඇති වාර්තාවල සඳහන්වේ. ඉතා කෙටි කාලයක් තුළ  මේ පුවත පිලිබඳ සමාජ මාධ්‍ය විසින්  විඩියෝවක් මුදාහැර තිබූ අතර එහි රූප රාමුවලට අනුව ඔහු ආරක්ෂක බඳ පටි පැළඳ නොසිටි බවට අනාවරණය වී ඇත.ඒ අනුව මෙරට රථවාහන නීතිය අනුව වාහන වල ගමන් කරන සියලු දෙනාම  ආසන බඳ පටිය භාවිත කල යුතුවේ.එසේ නොකරන මගීන්ට පවුම් පන්සියයේ සිට සියයක දක්වා දඩයක් නියම කළ හැකි බව පෙන්වා දෙමින් එම මාධ්‍ය මගින් ඉල්ලා සිටියේ තරාතිරමක් නොබලා අගමැති වරයාට  එම නීතිය වහා ක්‍රියාත්මක කරන්නටය.එම අවස්ථාවේ අගමැතිවරයා සිය නිල රථයෙන් ගමන් කරමින් සිටියේ, ලැන්කැෂයර් පොලීසියට අයත්වූ  බල ප්‍රදේශයේ විය.එම වරදට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක් වෙත ලැන්කැෂයර්පොලීසිය  විසින් කරනු ලැබූ විමර්ශනයකින් අනතුරුව  මේ සඳහා අගමැති වරයාට දඩ නියම කර තිබේ.

View Post

එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අගමැති වරයා  සමාව ඉල්ලා ඇති බව ඔහුගේ ටිව්ටර් සමාජ  මාධ්‍යවල  සටහන්ව ඇතැයි

 එම වරත වැඩිදුරටත්  සඳහන්වේ. අංක 10 ප්‍රකාශකයෙක්”අගමැතිවරයා මෙය වැරැද්දක් බව සම්පූර්ණයෙන්ම පිළිගන්නා අතර සමාව ඉල්ලා ඇත. ඔහු නියත වශයෙන්ම ස්ථාවර දඬුවමට අනුකූල වනු ඇත.” , “අගමැතිවරයා මෙය අත්වැරදීමක් බව සම්පූර්ණයෙන්ම පිළිගන්නා අතර සමාව ඉල්ලා ඇත. ඔහු නියත වශයෙන්ම ස්ථාවර දඬුවමට අනුකූල වනු ඇත’හප්ලස්’ සුනක්ගේ මුහුණට ෆොටෝ-ප් පහරක් එල්ල වී ඇති බව කම්කරු – දේශපාලනය නවතම පවසයි

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ ලැන්කැෂයර් පොලීසිය පැවසුවේ නීති උල්ලංඝණය කළ 42 හැවිරිදි පුද්ගලයෙකුට කොන්දේසි සහිත දඩයක් නියම කර ඇති බවය.

මෙරට රථවාහන නීතිය අනුව, ආසන පටිය පවතින විට එය භාවිත නොකරන මගීන්ට පවුම් සියය සිට පන්සියය දක්වා දඩයක් නියම කළ හැකිවේ. වත්මන් අගමැති වරයා විසින් සිදුකර  ඇති දෙවන වතාව  බවද පුවත්පත් වාර්තාවල සටහන් කොට ඇත. මෙය මේදිනවල මෙරට මෙන්ම ලොව පුවත්පත්වල පළවූ  මුල්පෙළේ  වාර්තාවක් බවට පත්ව තිබේ.ඉන් පැහැදිලි වන්නේ  මෙරට නීතිය  රටේ බලයේ  පවතින දේශපාලනඥයින්ට  හා සාමාන්‍ය ජනතාවටද  එකහා සමාන ලෙස ක්‍රියාත්මක වන බවය.

සුනක් මහතා බොරිස් ජොන්සන්ට පසුව බලයේ සිටින දෙවන අගමැති වේ. අගුලු දැමීමේ නීති කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට මීට පෙර මෙරට පොලිසිය විසින් දඩ නියම කර ඇත. වෙළඳ දැන්වීම ඔහුට සහ ජොන්සන් මහතාට මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් දඩ නියම කරනු ලැබුවේ සීමා කිරීම් ක්‍රියාත්මක වූ විට හිටපු අගමැති වෙනුවෙන් ඩව්නිං වීදියේ පැවැත්වූ උපන්දිනයක් සම්බන්ධයෙන් ය.

ශාන්ත සේනාධීර  -ලංකා නිවුස් යුකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here