‘බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධකය ඒකපාර්ශවික පියවරක්’- ලංකා රජයෙන් ප්‍රතිචාර

0
62

By

 Anjali Withana

මාර්තු 26, 2025

හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට එක්සත් රාජධානිය පැනවූ සම්බාධක දේශීය යාන්ත්‍රණය තවදුරට ත් ව්‍යාකුල කරන පියවරක් බව විදේශ කටයුතු හා විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය තවදුරට ත් ප්‍රකාශ කර ඇත්තේ, මෙම පියවර එරට රජය විසින් ගනු ලැබූ ඒකපාර්ශවිය තීරණයක් බව ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය අද (මාර්තු 26) මෙම නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරතවී සිටින අතර අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතහොත් ඒවා පිළිබඳ දේශීය වගවීම් යාන්ත්‍රණය හරහා කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

එමෙන් ම, එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනාට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් වෙත අද (මාර්තු 26) දැනුම් දුන් බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

මෙරට යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ලකරමින් මෙරට හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන සිව්දෙනාට සම්බාධක පනවන බව එක්සත් රාජධානිය පෙරේදා (මාර්තු 24) නිවේදනය කළේ ය (MAWBIMA LK NEWS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here