බ්‍රිතාන්‍යයේ වෙන්දේසියකට ගිය ධාතුන් වහන්සේ අවුරුදු 127කට පසු ඉන්දියාවට

0
41

By Mawbima

ජූලි 31, 2025 පෙ.ව. 8:14

බ්‍රිතාන්‍යයේ වෙන්දේසියකට ගිය ධාතුන් වහන්සේ අවුරුදු 127කට පසු ඉන්දියාවට

බ්‍රිතාන්‍යයේ වෙන්දේසියකදී අලෙවි වන්නට ගිය ඉන්දියාවේ පිප්‍රාහ්ව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේ වසර 127කට පසු ඉන්දියාවට වැඩම කරවා ඇති බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (ජූලි 30) නිවේදනය කළේ ය.

සිය X ගිණුමේ සටහනක් යොදමින් අග්‍රාමාත්‍ය මෝදි තම සංස්කෘතික උරුමය සම්බන්ධයෙන් ඊයේ දිනය ප්‍රීතිමත් දිනයක් බව සඳහන් කළ අතර වසර 127ක දිගු කාලයකට පසු පූජනීය පිප්‍රාහ්ව සර්වඥ ධාතුන් වහන්සේ නැවතත් ඉන්දියාවට වැඩම කරවීම සෑම ඉන්දියානුවෙකු ම ආඩම්බරයට පත් කරන කරුණක් බව ප්‍රකාශ කළේ ය.

“මෙම ධාතුන් වහන්සේ ඉන්දියාව සහ බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ උතුම් ඉගැන්වීම් අතර සමීප සම්බන්ධතාව පිළිබිඹු කරයි. එසේ ම, එම ධාතුන් වහන්සේ අපගේ තේජාන්විත සංස්කෘතියේ විවිධ පැතිකඩ සංරක්ෂණය කිරීමට සහ ආරක්ෂා කිරීමට අපගේ කැපවීම ද ප්‍රදර්ශනය කරයි. 1898 වර්ෂයේ සොයා ගත් පිප්‍රාහ්ව සර්වඥ ධාතුන් වහන්සේ යටත් විජිත සමයේදී ඉන්දියාවෙන් පිටතට රැගෙන යන ලදී. ධාතුන් වහන්සේ මෙම වසරේ මුල ජාත්‍යන්තර වෙන්දේසියකට ඉදිරිපත් කරන ලද අවස්ථාවකදී අප විසින් එම ධාතුන් වහන්සේ නැවතත් ඉන්දියාවට වැඩම කරවීමට කටයුතු කරන ලදී. මම මෙම ප්‍රයත්නය සඳහා සහභාගි වූ සැවොම අගය කරමි”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here