
බයිලා වලින් අප හැම මුසපත්කළ -යුගයක් නිමාකළ නිහාල් නෙල්සන් ගායකයණෙනි, ඔබට සුබගමන්
දිවයිනේ ප්‍රසංග වේදිකාවේ මහා පෙරළිකාර යුගයක් නිමා කරමින් බයිලා වලින් අපේ රසික රසිකාවන් සිය දහස් ගණනක් අමානන්දනයට පත්කළ නිහාල් නෙල්සන් සිය ගැන ගමන් මග නිමාකල වගයි.ඔහු අද උදැසන සිය ගමන් මග අවසන් කර තිබුණි. ඔහු මිය යන විට 76 වන වියෙහි පසු විය.
ඔහු නොමැති ප්‍රසංග වේදිකාවක් මෑත ඉතිහාසයේ නැති තරම් ය. ඔහු ගැයූ ගී ගණන සිය දහස් ගණනකි. ඉතා කුඩා අවදියෙහි පටන් බයිලා ගායනයට වේදිකාවට පිවිසි දිවයිනේ ප්‍රසංග වේදිකාවේ මහා පෙරළිකාර යුගයක් නිමා කරමින් බයිලාවලින් අපේ රසික රසිකාවන් සිය දහස් ගණනක් අමා නන්දනයට පත්කළ ගායකයෙකු විය..ඔහු මොරටුවෙන් බිහිවුණු බයිලා චක්‍රවර්ති එම් . එස්. ප්‍රනාන්දු මගයමින් කෙටි කලකින්ම අප රසික ආකර්ෂණයට පිවිසි ජනකාන්ත ගායකයෙකු විය.
ඔහුගේ බිරිඳ මාලි නෙල්සන් මහත්මිය මිට වසර කිහිපයකට සමු ගත් අතර ඔහු ඉන් පසු ජීවත්වුයේ ඔහුගේ පුත් තරංග නෙල්සන් සමග විය.ඔහු බිරිඳ ගේ වියෝව ගැන දුක්වූ අයුරු මට අදමෙන් මතකයට නැගෙයි.ඔහු මා සමග වරින්වර දුරකතනයෙන් ඔහු හා කොවිඩ් වසංගත සමයේ දී කතාබහේ යෙදෙන්නට හැකිවිය. මෙයට විශේෂ හේතුවක් වුයේ මගේ බිරිඳ උගත් මොරටුවේ වේල්ස් කුමාරි විදුහලේ ඔහුගේ ප්‍රිය බිරිඳ හා ඇයගේ සොහොයුරියන් සමාකාලීනව අධ්‍යාපනයේ නිරතව සිටි බැවිනි. ඔහු කලක සිට අසනීප තත්වයකින් පසුවුවද ඔහු ප්‍රසංග වේදිකාව නම් කිසිවිටක අමතක කළේ නැත.දිවයිනේ ඔහුගේ කැසට් හෝ සීඩී පටියක් නොමැති නිවසක් ඇත්තේ ඉතා සවල්ප වශයෙන් යයි කිවොත් නිවැරදිය.
සිය ගණනක් ගුවන් විදුලි හා රුපවාහිනි නාළිකාවල ගී වැඩ සටහන් වලට සහභාගිවූ නිහාල් ඉතා සංවේදී ,නිහතමානි ගායකයෙකු විය. ඔහු බයිලා ගීත කලාවෙන් සමාජ සංසෝධන අපේ ජන සමාජයට ගෙනයාමේ පොරෝගාමියෙකු විය. “එපා එපා මස්කන්නට කිරි අම්මාගේ” , “ගුනේ අයීයගෙ බජව් දාන කාමරේ” වැනි ගී සිය ගණනක් ඔහුගේ ගී ගොන්නට ඇතුළත්වී තිබුණි ඒ කෝකිල හඬ අද සදහටම වියැකි ගොසිනි. ඔහුගේ ගී නොගැයූ නොගයන සාදයක් නොමැති තරම් ය.ඔහු විදෙස් රටවල දශක ගණනක් තිස්සේ සංචාරය කර තිබුණි, ඔහුගේ වියෝව පිලිබඳ මේ පුවත අසන අප ගීත ලෝලී රසික රසිකාවන් නෙතට කඳුලක් නැගෙන අතර ඔවුන් මහත් කම්පාවට පත්වෙනු නොඅනුමානය.
ඔහුගේ දේහය මොරටුවේ නිහාල් නෙල්සන් මාවතේ මේ වන විට තැන්පත් කර තිබෙන අතර අවමගුල් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.
ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යුකේ.
(සේයාරූව අන්තර් ජාලයෙන් උපුටා ගත්තෙමි.)