බන්දු එස්.කොඩිකාර මාධ්‍ය සගයාණෙනි ඔබට සුබ ගමන්.

0
26

බන්දු එස්.කොඩිකාර මාධ්‍ය සගයාණෙනි ඔබට සුබ ගමන්.

බන්දු එස්.කොඩිකාර අපෙන් සමුගත්බව පුවත අද උදෑසන මාදුටුවේ මුහුණු පොතෙන්. ඔහුගේ ලෙන්ගතු සිනාව මට අදත් මැවි පෙනෙනවා. මගේ පුවත්පත් කලා දිවියේදී හමුවූ නිහතමානි සේවයට කැපවූ ඇති දක්ෂ ජායාරුප නිර් මාණ කරුවෙක්විය. බොක්ස් කැමරාවෙන් පටන්ගෙන එතරම නොදියුණු ශිල්පීය ක්‍රම නොතිබූ අවදියක ඔහු මා දකින්නේ අතිවිශාල මෙහෙයක කළ කැමරාකරණයේ යෙදෙමින් පුවත්පත්කලාව නව මානයකට ගෙනයන්නට දිවි හිමියෙන් කටයුතුකළ පුවත්පත් කලාවේදියෙකුට එහාගිය සේවාවක් ඉටුකළ මිනිස් කමින් හෙබි අයෙකු ලෙසයි.

1944 ජුලි මස 7 උපත ලැබූ ඔහු මිය ගොස් තිබුණේ පසුගිය සැප්තැම්බර් 4 වනදා ය.ඔහු මියයනවිට ඔහු 81 වැනි වියෙහි පසුවිය.ඔහු ලේක්හවුස්,උපාලි ,ලක්බිම පුවත්පත් ආයතන වල දශක ගණනාවක් ඒ ආයතන වල සිංහල ඉංග්‍රීසි ,දෙමල පුවත්පත්වල සිය කැමරා ශිල්පයෙන් මාධ්‍යකරණයට දායකවූ දිවයිනේ බිහිවූ අති දක්ෂ කැමරාකරණයේ ජය කෙහෙළි නැන්නාවූ කතුවරයෙකි.එය ජනමාධ්‍ය කලාවෙන් එහාගිය නවමානයකට යොමු කල සේවාවකි. එහි සේවාව අගය කලයුත්තේ ඒ නිහඬ සේවාව කිසිවෙකු අගය කළ නොමැති නිසාය.

1975 දී මා ලේක් හවුස් පුවත්පතත් ආයතනයට ඇතුළුවූ අවදියෙහි පටන් දැන හැදිනගත ඔහු සිළුමිණ පුවත්පතට පත්‍ර කලාවේදියෙකු ලෙස ආරම්භ කල අවදියෙහි මට බන්දු හා සතියේ දින ගණනාවකදීම විවිධ කටයුතු වලට ඔහු කැටිව දිවයිනේ බොහෝ උත්සව පෙදෙස්වලට යන්නට සිදු උනා.,ඒ ගමන් වල රසවත් තොරතුරු කාලයේ වැලි තලාවෙන් වැසී ගියත් ඒ සිදුවීම අපේ හදවත් තුල කොතරම් කාලයක් ගියත් බොඳ වෙලානම් ගිහින් නම් නැහැ.

ඔහු හා මා කළුබෝවිල රෝහලේ දී සිදු කරණු ලැබූ පළමු කටු චිකිත්සා සැත්කමෙන් සිදු කල සාර් තක දරු උපතක් පිළිබඳ කාටත් හොරෙන් සේයාරූ ගතකළ සිද්ධිය අප දෙදෙනා ජිවිතයේ අමතක නොවන සිදුවිමක්.එදා හවස සියලුම පුවත්පත්වලට දෙන්නට එම සැත්කම සිදු කළ වෙද්‍ය මහාචාර් ය ඇන්ටන් ජයසුරිය මහතා සුදානම් කර තිබුණා.එවකට සිළුමිණ කතුවරයාවූ සුබසිංහ මහතාට මෙය අපේ පුවත්පතට ගැනීමට අදහසක් ඇවිත් අපි දෙදෙනාට මෙය පැවරුවා. අප දෙදෙනා කැමරාවත් ඔතාගෙන කළුබෝවිල රෝහලට ගොස් එම සැත්කමට භාජනයවූ මව හා දරුවාගේ විස්තර හා සේයාරු එහි සේවය කල හෙදියකගේ මගින් ලබාගත්තා. මේ බව සුළු මොහොතකින් රෝහල පුරා පැතිර ගොස් එහි සේවකයන් අප දෙන්නා පසු පස පන්නා ගෙනා ආවා මා කැමරාව හා ෆ්ල්ම් රෝල බන්දුගෙන් ඉල්ලා රෝහල් පිටු පස මිනි කාමරය අසළ තාප්පෙන් උස ( 10 තාප්පෙන් )පැන දිවආවේ හති දමමිනි.බන්දු කොහිදැයි මා බැලුවේ නැති නමුදු මා බියෙන් සිටියේ ඔහුට අම්බානකට ගුටි ලැබිලාද යන සැකයෙනි. මා යන්තම් තුවාල නොවී බේරාගෙන රථයට ගොඩඋනා . බන්දු, කෙසේ හෝ ලෙඩුන් බලන්න ආ කෙනෙකු ලෙස හැසිරී යන්තමින් පැනගෙන ආවා ,මතකය.අපේ මුල් පුවත එදා සකස් කලේ අනු නවයෙන් දිවි බේරාගනිමින්. මේ සිද්ධිය ගැන රෝහලින් පැමිණිල්ලක් ද සිදු කර තිබුනා.

මා පිට කවරයේ සේයාරූ ගන්න බන්ඳු හා ගියවාර අනන්තයි., ඔහු මා සමග ජනධිපති ජේ.ආර් . ජයවර්ධන මහතාගේ පළමු විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමේ උළෙල 1978 . රැස්වීම සඳහා ගොස්තිබුනා. ප්‍රේමදාස මහතා ගේද උදාගම වැඩ සටහන්. මෙන්ම අරලියගහ මැදුරේ .කටුනායක ගුවන් තොටුපළේ ගමන් බිමන් රාශියකට යන්නට සිදුවුවා ,මතකයට නැගෙයි.

ඔහු නොහඳුනන කලාකරුවෙක් දිවයිනේ නැති තරම්.ඔහු දිවයින පුවත් පතට එකතු වෙලා දිගු සේව්වක් එහිදී ද ඉටු කලා. මා දිවයිනට ගිය බොහෝ විට ඔහු එහිදී හමු උනා. ඔහු ගේ නම සේවය කළ වසර ගණනාව තුල එහි සිටි කතුවරුන් වූ එස්.සුබසිංහ ,එඩ්මන් රණසිංහ , එඩ්වින් ආරියදාස මහතුන් මවාගේම පර් සි ජයමාන්න, පී බී .ඉලංගසිංහ , අපෙන් දයාසේන ගුණසිංහ ,සෝමවීර සේනානායක, රන්ජි කුමාර. සුගත් වටගෙදර , ගාමිණී සුමනසේකර , යන අය හා ඉතා ලෙන්ගතුව වැඩකළ සිටි මට අදමෙන් මතකය.මින් බොහෝ දෙනෙකු අප අතරින් වියෝව ගොසිනි.

මට ඔහු මගේ ජිවිතයේ අමතක නොවන තවත් කරුණක් නම් අපේ විවාහ මංගල්ලේ සේයාරූ ද ඔහු හා අප මිතුරු රන්ජිත් පෙරේරා විසින් ගත් මොහොතයි. අප එදා හදිසියේ තීරණය කළා කොළඹ විහාර දේවී උද්‍යානයට ගොස් එලි මහන් සේයාරූ ගන්නට මෙය එකළ සිදු වූ නැති දෙයක්. එදා මිනිසුන් රැසක් අපි වට කර ගත්තා සිනමා පටියක් යයි සිතා.බන්දු එතන තිබු පොකුණකට වැටිලා තිබුන මට මතකයි.

ඔහු නොදත කතුවරයෙක් ,දේශපාලනඥයෙක් මේ දිවයිනේ සොයාගන්නට නැති තරම්ය කිවොත් නිවැරදිය. හැම විශේ ෂාංග සදහා ලැබුණු ඔහුගේ දායකත්වය ඉමහත් එකකි. ඔහුගේ පුතණුවන් වූ චතුර එස්. කොඩිකාර මේ කේෂ්ත්‍රයට දායද කර සිය පියාගේ අඩිපාර ඔස්සේ යමින් සිටි. ඔහුගේ දයාබර බිරිඳ මිට වසරකට පෙර වියෝවී තිබුණි.

ඉතා නිහතමානි , සේවයට කැපවූ නිතරම සිනාසුනු මුහුණින් අප පිළිගත් ඒ සොඳුරු මිනිසෙකුමෙන්ම කලාකරුවකුවූ බන්දු අප අතරින් ජිවිතයේ අනියත බව පසක් කරමින් සමුගෙන ඇත.

දේහය අද මාකොල සුප්‍රීම් මල් ශාලාවේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු මාකොල නෙල්ලිගහ ආදාහනාගාරයේදී 6 සවස 5.30 ට සිදුකෙරේ .

දයාබර බන්දු ඔබට සුබ ගමන්.

ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යු. කේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here