බංග්ලාදේශයට ලකුණු 6ක ජයක්

0
311

බංග්ලාදේශයට ලකුණු 6ක ජයක්

ARUNA LK NEWS

15 September 2023

බංග්ලාදේශයට ලකුණු 6ක ජයක්

ආසියානු කුසලන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ඉන්දියාව සමග පැවැති තරගය ලකුණු 6කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද (15) සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෛන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 265ක් රැස්කර ගැනීමට සමත් විය.

බංග්ලාදේශ පිල වෙනුවෙන් නායක ශකීබ් අල් හසන් ලකුණු 80ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වේ

තව්හිඩ් හරිඩි රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 54කි.

පන්දු යැවීමේදී ඉන්දීය පිල වෙනුවෙන් ෂර්දුල් තාකූර් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

මොහොමඩ් ෂාමි දවාගත් කඩුළු සංඛ්‍යාව 2කි.

අනතුරුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5කදි සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 259ක් පමණී.

ඉන්දීය පිල වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ශුබ්මන් ගිල් ලකුණු 121ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වේ.

පන්දු යැවීමේදී බංග්ලාදේශ පිල වෙනුවෙන් මුස්ටෆීසුර් රහ්මාන් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here