පොසොන්වලට අනුරපුරට මිලියනයක ජනතාවක්

0
343

Aruna lk News

16 June 2024 | සාලිය කුමාර ගුණසේකර

පොසොන්වලට අනුරපුරට මිලියනයක ජනතාවක්

මෙවර පොසොන් උත්සවය සඳහා අනුරාධපුරයට මිලියනයක පමණ වන්දනාකරුවන් පිරිසක් පැමිණෙතැයි බලාපොරොත්තු වන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර පැවැසීය.

ලකෂ 15 ක පමණ ජනගහනයක් පැමිණෙතැයි මුලින් බලාපොරොත්තු වුවද,පසුගිය ගංවතුර ආදී තත්ත්වයන් හේතුවෙන් මෙවර මිලියනයක පමණ ජනගහනයක් පැමිණෙතැයි බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොසොන් කලාපය අනුරාධපුර,මිහින්තලය සහ තන්තිරිමලය ආශ්‍රිතව ක්‍රියාත්මක වන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

පොලිතින්,ප්ලාස්ටික් ආදී කසළ තැන තැන බැහැර නොකර ඒවා නියමිත ස්ථානවල බැහැර කිරීමට කටයුතු කරන ලෙස පොසොන් උත්සවයට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

පොසොන් උත්සවයට පැමිණෙන බැතිමතුන් උදෙසා ආරක්ෂාව උපරිමයෙන් සැපයීමට කටයුතු කරන ලෙස පොලිසියට දැනුම්දී ඇතැයිද ඔහු කියා සිටියේය.ආරක්ෂාව සඳහා යොදවන පොලිස් නිලධාරීන්ගේ නවාතැන් සඳහා අනුරාධපුර නගරය ආශ්‍රිත පාසල් 11 ක් යොදාගෙන ඇතැයිද ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here