පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් -ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් පනවයි

0
336

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් -ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු නියෝගයක් පනවයි

Lanka News UK

24 July 2024

වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇත්තේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමිණි .මෙම නියෝගය අද උදෑසන එම නඩුවිභාගය කන්දවුඅවස්ථාවේ කරනු ලැබූ ඉල්ලීම ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට පෙර එම ඉල්ලීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here