පුරවැසිකම අතැහැර බැසිල් ජනපති සටනට!

0
307

පුරවැසිකම අතැහැර බැසිල් ජනපති සටනට!
SUNDAY DIVAINALK NEWS
එරික් ගාමිණී ජිනප්‍රිය
November 5, 2023

ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිපදෙනෙකුම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය යන පක්‍ෂ මේ වනවිටත් ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුද යන්න ප්‍රකාශයට පත්කර ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා කවුද යන්න ප්‍රකාශයට පත් නොකර සිටීම දේශපාලන වශයෙන් අවාසිදායක බවත් එම ජ්‍යෙෂ්ඨ නායකයන් ඒ මහතාට කියා ඇත.

පරිණත දේශපාලනඥයකු ලෙසත්, ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, මුදල් අමාත්‍යවරයා ලෙසත් බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඉටුකර ඇති කාර්යභාරය සලකා බැලූ කල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ හැකි සුදුසුම අපේක්‍ෂකයා බැසිල් රාජපක්‍ෂ මහතා බව ප්‍රකාශ කළ එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු තවදුරටත් ප්‍රකාශකර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවස්ථා තුනකදී පසුගිය ජනාධිපතිවරණයට සූදානම් වන ලෙසට බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියත් වියත්මග වැනි සංවිධානවල ඉල්ලීම මත පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අපේක්‍ෂකත්වය ලබාදුන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here