‘පුංචි ඡන්දයට සජබ-එජාප එකට එන එක තීන්දුයි’- රංජිත් මද්දුම බණ්ඩාර

0
115

‘පුංචි ඡන්දයට සජබ-එජාප එකට එන එක තීන්දුයි’- රංජිත් මද්දුම බණ්ඩාර

By Sachithra Perera -පෙබරවාරි 1, 2025

පළාත් පාලන ඡන්දයේදී ‘සමගි ජන බලවේගය’ එක්සත් ජාතික පක්ෂය සමග එකට එකතු වී තරග කරන බව සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

මෙම ඒකාබද්ධ වීම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ කළ සාකච්ඡා සාර්ථක බවත් එහි ප්‍රගතිය නුදුරේදීම රටට කියන බවත් මහ ලේකම්වරයා කීය.

ඡන්දයට තරග කරන ආකාරය ගැන පක්ෂ දෙක මෙම දිනවල සාකච්ඡා කරමින් සිටින බව ත් ඒ අනුව ආණ්ඩුවට එරෙහිව පුළුල් බලවේගයක් ලෙස තරග කිරීම සිදුවනු ඇති බව ත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

එහිදී මැතිවරණයට තරග කරන ලකුණ ගැන හා සන්ධාන ගතවීම් පිළිබඳව ඉදිරියේදී කියන බව මහ ලේකම්වරයා කීවේය.

එජාපය සමග සාකච්ඡා සාර්ථකව ඉදිරියට යන බවත් එහි ප්‍රගතිය ගැන නුදුරේදීම හෙළි කරන බවත් ඔහු සඳහන් කළේය.

ආණ්ඩුවට එරෙහිව ජයග්‍රහණය ලැබීම මෙම ඒකාබද්ධ වීමේ මූලික අරමුණ බව කී මහ ලේකම්වරයා නාමයෝජනා සකස් කිරීම ගැන සහ එම කටයුතු පිළිබඳව දිගටම සාකච්ඡා කරමින් සිටින බව කීවේය.

ආණ්ඩුව ගැන ජනතා විරෝධය වැඩිවෙමින් පවතින බවත් මාලිමාවේ බිම් මට්ටම බිඳ දැමීම පළාත් පාලන ඡන්දයෙන් ආරම්භ කරන බවත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

එජාප හා සජබ පක්ෂ දෙක අතර සාකච්ඡා සාර්ථක වීම ජනතාවගේ ජයග්‍රහණයක් බවත් ඒ මහතා වැඩිදුරට ත් සඳහන් කළේය.(MAWBIMA LK NEW

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here