පිරිමින්ගෙන් 10%ක් ගෘහස්ථ හිංසනයට ලක්වෙලා

0
359

පිරිමින්ගෙන් 10%ක් ගෘහස්ථ හිංසනයට ලක්වෙලා
DIVAINA LK NEWS
සුජීව තත්සර
Friday, December 15, 2023

ශාහස්ථ හිංසන පැමිණිලි කරන්න දුරකථන අංකය 0702611111
ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම් දීමට ක්‍රියාත්මක ‘මිතුරු පියස’ ඒකකය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකථන අංකයක් හඳුන්වාදීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව 0702611111 යන දුරකථනයට දවසේ ඕනෑම වේලාවක ගෘහස්ථ හිංසන පිළිබඳව දැනුම් දිය හැකි බව එම කාර්යාංශය සඳහන් කරයි.

මෙරට පිරිමි පුද්ගලයන් අතුරින් 10%ක පිරිසක් ්ද මේ වනවිට ගෘහස්ථ හිංසනයට ලක්වන බව, එම කාර්යාංශයේ කාන්තා සෞඛ්‍ය ඒකකයේ වැඩසටහන් කළමනාකාර ප්‍රජා වෛද්‍ය විශේෂඥ නෙත්‍යාංජලී මාපිටිගම මහත්මිය පවසයි.

ගෘහස්ථ හිංසනයන් ඉහළයෑමට ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය භාවිතය ද ප්‍රධාන හේතුවක් වී ඇතැයි කළුබෝවිල මහ රෝහලේ ‘මිතුරු පියස’ භාර වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය හේෂානී කරුණාතිලක මහත්මිය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here