
පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි
ARUNA LK NEWS
02 December 2024
පාර්ලිමේන්තුව හෙට (03) සිට දෙසැම්බර් 6වනදා දක්වා රැස්වීමට නියමිතව තිබේ.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනා හෙට (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ පිළිබඳ විවාදය හෙට පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.