ප්‍රාන්ත මැතිවරණ ජය මෝදිට

0
275

ප්‍රාන්ත මැතිවරණ ජය මෝදිට
ARUNALK NEWS
03 December 2023

ඉන්දියාවේ ප්‍රාන්ත 4 ක පැවැත්වුණු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී අවසන්ය. එම ප්‍රාන්ත 4 වන්නේ මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, චතිස්ගාර් සහ තෙලංගනා ය.

තෙලංගනා හැර සෙසු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂ බලකොටු ලෙස සැලෙකයි. මෙම ප්‍රාන්ත තුනේ බහුතර බලයක් ද සහිතව දිගටම බලය රඳවා ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ආසන 230 න්, 165 ක් භාරතීය ජනතා පක්ෂයට හිමිවිය.

රාජස්ථාන ප්‍රාන්තයේ ආසන 199 න් 115 ක් භාරතීය ජනතා පක්ෂය දිනා ගෙන තිබේ. රාජස්ථාන ප්‍රාන්තයේ ආසන 90 කි. භාරතීය ජනතා පක්ෂය දිනූ ආසන ගණන 56 කි.

තෙලංගනා ප්‍රාන්තයේ බලයේ සිටියේ භාරත් රාෂ්ට්‍ර සමිති නමැති ප්‍රදේශීය පක්ෂයයි. කෙසේ නමුත් මෙවර මැතිවරණයෙන් ඔවුන්ට බලය අහිමි වී ඇති අතර, විපක්ෂය වූ කොංග්‍රසයට බලය හිමිවිය.

භාරතීය ජනතා පක්ෂය තෙවැනි ස්ථානයේ පසුවෙයි.

තෙලංගනා ප්‍රාන්තයේ ආසන 119 කි. කොංග්‍රස් පක්ෂය ආසන 63 ක් හිමි කර ගනිමින් ජයග්‍රහණය කළේය.

බලයේ සිටි භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයට මෙවර හිමිවූයේ ආසන 40 ක් පමණි.

භාරතීය ජනතා පක්ෂය තෙවැනි ස්ථානයට පත් වූයේ ආසන 8 ක් දිනා ගනිමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here