
දශක ගණනාවක් මුළුල්ලේ ලාංකික සංගීත ලෝලීන් සුවහසක් ගී ගයමින් පිනවූ ප්‍රවීන ගායක නුවන් ගුණවර්ධන අප අතරින් වියෝවූ බව සංවේගයෙන් දැනුම් දෙමි.ඔහු කලක් තිස්සේ රෝගීව සිටි අතර ඔහු මිය ගොස් තිබුනේ අද උදැසන කොළඹ රෝහලක බව එම වාර්තාවල සඳහන් වේ. ඔහු පසුගියදා එංගලන්තයේ සිය පුතු ගයාන් ගුණවර්ධන සමග සංගීත සංදර්ශන රැසක්ද සහභාගී විය. හින්දි ගී ගැයීමේ උපන් හපනෙකු වූ නුවන ගුණවර්ධනයන් අපේ රට පුරා සංගීත ප්‍රසංගයන්හි හැම විටම අප සංගීත ලෝලීන් පිනවූ ප්‍රවීන ගායකයෙකු විය.
ප්‍රවීන ගායක නුවන් ගුණවර්ධනයාණෙනි , ඔබට සුබ ගමන් !
ගුවන් යානා ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කල ඔහු කළක් රත්මලාන ,කටුනායක ගුවන් තොටුපළ යාත්‍රාන්ගනයන්හි සේවය කර තිබුණි. ඔහු ලොව පුරා රටවල් රැසකම සංගීත ප්‍රසංග රැසකටම දශක ගනනාවක් මුළුල්ලේ සහභාගිවූ ජනප්‍රිය ගායකයෙකු විය. ඔහු එතෙක් මෙතෙක් ගී සිය ගණනක් ගයා තිබුණි.
නුවන් ගුණවර්ධනයන් ට ඊයේ ඇතිවූ හදිසි හර්දයාබාදයක් හේතුවෙන් ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරන ලද අතර ඊට සුළු වෙලාවකට පසු ජිවිතයෙන් සමුගන්නට සිදුව තිබුනු බව වාර්තාවල සඳහන්වේ.නුවන් දෙදරු පියෙකු වේ.
සිංහල චිත්‍රපට 65 ක පමණ ගිගයා තුබූ ඔහු ගායනා කර තිබු ගී අතර “කිරි මුහුදු වෙරළේ” කඳුළින්ම ගැයු පෙම් ගීතේ , ළා සඳ එළියේ , මා පැතූ ලෝකේ, මා පැතු ලෝකේ යනගීත ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබු ගී ලෙස සැලකේ.
නුවන් ගුණවර්ධනගේ දේහය මහරගම, පතිරගොඩ නාලාදාරාම පාරේ අංක 92 දරන සිය නිවසේ තැන්පත් කරනු ලබන අතර අවසන් කටයුතු 11 වන ඉරිදා සවස 6ට මහරගම පොදු සුසාන භූමියේදි සිදුකරන බව කරුණාවෙන් සලකන්න.
නුවන් ගුණවර්ධන ගී කොකිලයාණෙනි ඔබට සුබ ගමන්
ශාන්ත -ලංකා නිවුස් යුකේ.