
ප්‍රවීණ රංගන ශිල්පිනියක් අභාවප්‍රාප්ත වෙයි
ARUNA LK NEWS
02 December 2023
ශ්‍රී ලාංකීය සිනමාවේ ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ ලීනා ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ.
ලීනා ද සිල්වා දශක හයකට වැඩි කාලයක් එකල ජනප්‍රිය හා විචාරක පැසසුම් ලත් චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබාදී තිබුණි.
ඇය සිංහල සිනමාවේ මුල් යුගයේ චිත්‍රපටවල රංගනයෙන් දායකවූ තවත් සුරූපී දක්ෂ රංගන ශිල්පිනියකි.
අහංකාර ස්ත්‍රී (1954), සුරතලී (1956), රන්රස (1967) ඇය රඟපෑ ජනප්‍රිය චිත්‍රපට අතර වෙයි.
මෑත කාලයේ ගඟ අද්දර, වාලම්පූරි ඇය රඟපෑ බොහෝ දෙනෙකුට මතක ඇති නිර්මාන අතර වෙයි.
ලීනා ද සිල්වා කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ තම දූදරුවන් සමග ජීවත් විය.
මියයන විට ලීනා ද සිල්වා මහත්මිය 87 වැනි වියෙහි පසු වුවාය.