සිංහල සිනමාව වේදිකාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය දශක පහකට අධික කාලයක් තිස්සේ විවිධ අයුරින් ලාංකික කලාකෙතෙහි නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීන රංගන ශිල්පී, අධ්‍යක්ෂ සහ ලේඛක කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ ඊයේ 22දා සිය ගමන් මග අවසන්කර තිබුණි.
කළක් අසනීප තත්ත්වයකින් පසුව සිටි ඔහු සිය දිවිසරිය නිමකර තිබුණේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයයි සඳහන්වේ. මිය යන විට ඒ මහතා 84 වන වියේ පසුවිය.
1941 පෙබරවාරි 11 වැනිදා කැලණියේදී උපත ලැබූ සතිස්චන්ද්‍රයන් එම පවුලේ හයවන දරුවා විය.ඔහුගේ පියා, පැටිකිරිගේ එදිරිසිංහ, ගෘහ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අධීක්ෂකවරයෙකු ලෙස සේවය කළ අතර මව උස් වැට්ටිගේ එලිසබෙත් පෙරේරා නම්විය. ඔහුට එක් වැඩිමහල් සහෝදරයෙක් හා වැඩිමහල් සහෝදරියන් සිව්දෙනෙක් ද බල සහෝදරයන් දෙදෙනෙකුද සිටියේය.ඔවුන් නම් ධර්ම සිරි , ටෙක්ලා සඳසීලී, ෆ්ලොරිඩා කැතරින්, මර්ෂියා සිරිමා සහ මේරි එලිසබෙත්; සහ බාල සහෝදරයන් දෙදෙනෙකු – නිමල් රංජිත් සහ සුනිල්වේ. ඔහුගේ වැඩිමහල් සොහොයූරු ධර්මසිරි හා තවත් සොහොයුරියක් මේවන විට දිවිසරියනිමකර ඇත. බාලයා වන සුනිල් එදිරිසිංහයන් ශ්‍රී ලංකා සංගීත කලාකෙත පෝෂණය කරණ ප්‍රවීණ ගායකයෙක්ද වේ.
එදිරිසිංහ පාසල් පහකින් අධ්‍යාපනය හදාරා ඇත . ඒ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක විද්‍යාලය, කැලණියේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාල ඇල්පිටියේ ශාන්ත මරියා විද්‍යාලය ස්ටැෆර්ඩ් විද්‍යාලයන්වේ.අනතුරුව 1964 දී ඔහු මාලිගාකන්ද, විද්‍යෝදය පිරිවෙනේහිද අධ්‍යාපනය කල බවද සඳහන්වේ.
1965 දී ඔහු කාරියප්පෙරුම ආරච්චිගේ ශ්‍රියා කාරියප්පෙරුම සමඟ විවාහ වූ අතර ඔහුට ඇය මුණගැසී තිබුණේ කැළණියේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේදී ය. දිගු ආදර සබඳ තවක් නිසා විවාහ ගිවිස ගැනීමෙන් ඔවුන් දෙපලට දරුවන් තිදෙනෙක් ලබා තිබුණි ඔවුන් උදය, ශෂිනි සහ උදාර වන අතර ඔවු සියල්ලම විවාහකයන් වෙති.
පාසැල අවදියේ එදිරිසිංහගේ පළමු ගුරුවරයා වූයේ සාහිත්‍යය හා සංගීතය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ රවිලාල් විමලධර්ම ය. 5 ශ්‍රේණියේදී, ඔහු නිවසේදී මද්දුම බණ්ඩාර ලෙස රඟපෑ අතර විමලධර්ම ඔහුගේ හැකියාවන් දුටු පසු, පාසලේදී සුදෝ සුදු වේදිකා නාට්‍යය භාරව එදිරිසිංහට පත් කරන ලදී. 1953 දී ඔහු රේඩියෝ සිලෝන්හි ළමාපිටිය වැඩසටහනට සම්බන්ධ විය. අන්තර් පාසල් නාට්‍ය තරගයේ දී ඇන්ටන් චෙකොව්ගේ යෝජනාවේ ඔහුගේ භූමිකාව වෙනුවෙන්, එදිරිසිංහ දකුණු පළාතේ හොඳම නළුවා ලෙසින් තේරී පත් විය.
1961 දී එදිරිසිංහ සිය වේදිකා නාට්‍ය ජීවිතය ආරම්භ කළේ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ ධර්මසිරි එදිරිසිංහ විසින් කලා ගුරු ජේ.ඩී.ඒ.පෙරේරා වෙත හඳුන්වා දීමත් සමඟය. 1999 දී, ලංකා ගමනාගමන මණ්ඩලයේද සහ මහවැලි අධිකාරියේ සේවයෙන් පසු, ඔහු පූර් ණකාලීන කලාකරුවෙකු බවට පත් විය. නාට්‍ය නළුවෙකු ලෙස ඔහුගේ උච්චතම ස්ථානය වූයේ ජෝන් ද සිල්වාගේ වෙස්සන්තර වේදිකා නාට්‍යයේ ඔහුගේ චරිතය හරහා විය. කල්යත්ම ඔහු වේදිකාවේ එකළ දැවැන්තයන්වූ ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, ආර්.ආර්. සමරකෝන්, සුනන්ද මහේන්ද්‍ර, රංජිත් ධර්මකීර්ති, එස්. කරුණාරත්න, ලුෂන් බුලත්සිංහල, වැනි රටේ ප්‍රමුඛ පෙළ ලේඛකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහුට හැකිවුයේය.ඔහුගේ අමතක නොවන නාට්‍ය රංගනය 1965 දී හෙන්රි ජයසේනගේ මනරංජන වැඩ වර් ජන නාට්‍යය හරහා පැමිණි බව සඳහන්වේ.
ඔහුගේ ප්‍රථම වේදිකා රංගනය ලෙස සැලකෙන්නේ මනමාලයෝ නාට්‍යය යි.
ඊට අමතරව බක්මහ දීගේ ,මුහුදු පුත්තු,මහාසාර, කුවේණි, රත්තරං, කොරා සහ අන්ධයා යන ජනප්‍රිය වේදිකා නාට්‍යන් හරහා සිය රංගන ප්‍රතිභාව ඔප් නැංවුවා සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා සොක්කනෝ දම්මල සහ මනරංජන වැඩවර්ජන වැනි වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කිරිමද සිදු කරනු ලැබුවා.
සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ මුල්ම වේදිකා නාට්‍ය නිෂ්පාදනය වූ බකතපස් වේදිකා නාට්‍ය 1963දී වේදිකාගත වුණා.
1960 වසරේදී සංදේශය චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු, එතැන් පටන් දශක කිහිපයක් පුරා චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙන අතර ඉන් වීර පුරන් අප්පු ,සිරිපාල සහ රන්මැනිකා,බඹරු ඇවිත්, හන්තානේ කතාව, නිධානය, අහස් ගව්ව වැනි සම්භාව්‍ය සිනමා නිර්මාණවල ඔහු කළ රංගනයන් අතිශය ප්‍රශංසනීයයි.
මාතර ආච්චි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් 1973 දි සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රාජගෙදර පරෙවියෝ, ශ්‍රී මදාරා සහ සතර දිගන්තය,වොක්ස්වැගන් කාරය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය.
.
සිය ප්‍රථම අධ්‍යක්ෂණය වු මාතර ආච්චි චිත්‍රපටය සඳහා ආචාර්ය වික්ටර් රත්නායක මහතාට ප්‍රථම වරට චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට අවස්ථාව ලබා දීම මෙරට සිනමා ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමක් ලෙස සැලකිය හැකියි.
මීට අමතරව සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා සිය අත්දැකීම් සහ කලා ක්ෂේත්‍රය පිළිබඳව”සතිස්චන්ද්‍ර” (ආත්ම චරිතාපදාන) ,පෙරහැරක ගිය කල යන ග්‍රන්ථ ද රචනා කර තිබෙනවා.
දේශීය සම්මාන උළෙල රැසකදී හොඳම නළුවා, හොඳම සහාය නළුවා සහ හොඳම අධ්‍යක්ෂණය යන අංශවලින් සම්මානයට පාත්‍ර වී තිබෙන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා කලාවට කළ මෙහෙවර උදෙසා කලාශූරී සහ දේශබන්දු වැනි ගෞරව නාමයන්ගෙන්ද පිදුම් ලැබ තිබෙනවා.
1986 වසරේ දී තිරගත වූ ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ ‘කෙටි වලිගය’ චිත්‍රපටයේ සතිස්චන්ද්‍රයන් සිංහල තරුණයෙකුගේ චරිතයට තත්ත්පර 90ක කාලයක් රංගනයේ යෙදී සම්මානයට ද පාත්‍රවිය.
එමෙන්ම 1987 වසරේ සරසවි සම්මාන උළෙලේ දී භික්ෂූන් වහන්සේ නමක් ලෙස රඟපෑ සතිස්චන්ද්‍රයන්ගේ රංගනය කුසලතාවය වෙනුවෙන් විශේෂ ජූරී සම්මානයක් ද හිමිවුණි.
ඔහුගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් වනු නොඅනුමානයි.
මට සතිස්චන්ද්‍රයන් මුණගැසුණේ ඔහු විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂනය කළ ” අධිෂ්ට්ඨානයක්” යන චිත්‍රපටිය නිපදවීමට ඔහු විසින් ඒ සඳහා ණය ගත් ආයතනයක් හා සම්බන්ධ නඩු කටයුත්තක් සඳහාය.මට සතිස්චන්ද්‍රයන් හඳුන්වාදුන්නේ මාමිත්‍ර දෙපලක් විසින් ඒ සෝමවීර සේනානායක හා රන්ජිත් කුමාරයන්ය.ඔවුන් දෙපලම අද අප හැර ගොසින් ය. සතිස් ගේ නඩුව එදා මා ජයග්‍රහණය නොකළානම් මේ ප්‍රවීන කලාකරුවාට සිය නිවහන අහිමිව මහ මගට වැටෙන්නට ඉඩකඩ තිබුණි.මේ කරුණට මුල්වූ සින්ලංකා ආයතනය ණයට දුන් මුදල ඒ වනවිට පොලිය සමග ලක්ෂ දෙකකට ආසන්නවිය. මේ නඩුව විභාගකළ දිසාවිනිසුරු කඩවත ආරච්චි මහතා එදා ඒ සමාගමේ අධ්‍යක්ෂක මඩුල්ල කැඳවා එම කලාකරුවාට පොලි රහිතව හැකිතාක් සහන දී මේ නඩුව සමාදාන කිරීමට එදා එකී නඩුවේ එම සමාගම් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නිතීඥයෙකුවූ පර් තලිංගම් මහතාගෙන් ඉල්ලා සිටියේය. ඔහු එක හෙළාම එයට විරුද්ධවිය.ඒ කරුණවුයේ ඔවුන්ගේ අනෙක් නඩුවලටද බලපාන්නට හැකිවූ බැවිණි . මට එහිදී කරන්නටවූ දේශනය මට අදමෙන් මෑවි පෙනෙයි.මා ඔවුනට කිවේ වැනිසියේ වෙළෙන්දාගේ නඩුව මෙන් මෙහිදී කටයුතු නොකරන ලෙසය.කෙසේහෝ මේ නඩුවේ විනිසුරු තුමාගේ බලවත් පෙරෙත්තමත නඩුව මුල් මුදල හා සුළු පොලියක් ගෙවා සමතයකට පත්කර ගැනීමට අපට හැකිවිය.ඉන්පසු අපට උගස් බැංකුවේ මගේ බිරිඳ පද්මිණී ,නීති නිලධාරිණියෙකු ලෙස කටයුතු නිසා එහි අධ්‍යක්ෂක මණ්ඩලයට කරනුලැබූ ඉල්ලිමක්මත විශේෂ සහනයක් යටතේ තීරණයක් ගෙනැවිත් ඔහුගේ මේ ණය මුදල ගෙවන්නට කටයුතු කළේයඑහිදී මාපට උදව් කළ සාමාන්‍යාධිකාරි රාජපක්ෂ මහඇතුළු සෙසු අයද අප හැර ගොසින්ය.සතිස් මේ සිද්ධිය රස කරමින් ඔහු නවලෝක මුදලාලි සමග ලන්ඩනයට පැමිණි අවස්ථාවේදී ඔහුට කියා මට ස්තුති කලසැටි මට අද මෙන් සිහිවේ.කෙසේ නමත් මේ සිදුවීමෙන් පසු මාඔහු දුටුවේ ආචාර් ය එඩ්වින් ආරියදාසයන්ගේ 90වන ශත සංවත්සර ලංකාවේ පැවැති උත්සවයකට සහභාගිවූ අවස්ථාවේදීය.ඔහු ඒ උළෙලේ පුරකයා ලෙස කටයුතු කළේය.මට ඔහු හා කතාකරන්නට අවස්ථාවක් මට නොලැබුණි.කෙසේනමුත් මා කිසිදු මුදලක් අය නොකර ඔහුගේ දිවි ගමන ගෙනයන්නට සවියක් වූ නිසා මා අදත් ඒ කරුණ පිළිබඳ ඇත්තේ අපමන සතුටකි.
සතිස්චන්ද්‍ර එදිරිසිංහ කලාකරුවාණෙනි ඔබට අමාමහ නිවන් සුව පතන්නෙමි.
දිවි ගමන නිමා කළ ප්‍රවීන රංගධරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන සිකුරාදා පස්වරු 4ට බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදු කිරීමට නියමිතයි.
නීතිඥ ශාන්ත සේනාධීර
ප්‍රවීණ රංගධාරියෙකුවූ ලාංකික කලාකෙත අඩසියවසරක් පෝෂණය කළ සතිස්චන්ද්‍ර එදිරිසිංහයාණෙනි, ඔබට සුබ ගමන් .