
අප ඔහු හැඳින් වුයේ “කලං” යන කෙටි නමිනි.
ඔහු සිනමාවට පිවිස ඉතා කෙටි කලෙකින්ම අප රටේ රසික කැළ ගේ සිත්තුළ රැඳෙන්නට තරම් අපුරු රංගනයක යෙදෙන්නට සමත්වූ නළුවකු විය.ඔහු අපුරු පෙරළිකාර රංගධාරියෙකු විය. ඔහු ගේ රංගනය එතෙක් පැවති අපේ සිනමාවේ සම්ප්‍රධායට එහාගිය එකක් විය. එය අප රසික කැළ ඇඳ බැඳ තබාගන්නට සමත්වූ එකක් වුයේය. සිංහල සිනමාවට ඔහු පිවිසුණේ ඔහු 1969 වසරේ “රැයක් දවාලත්” චිත්‍රපටයෙනි. ඔහු දසක 5ක් තිස්සේ අපේ සිනමාවේ හා ටෙලිනාට්‍ය වල විවිධ චරිත නිරුපනයෙන් දායකවූ ප්‍රවීණ රංග ශිල්පියෙකු විය.
සිංහල සිනමාවේ හැඩතල වෙනත් අතකට යොමු කළ ප්‍රවීණ නළුවෙකු වූ අමරසිරි කලංසූරිය අද උදැසන අප්‍රේල් 01දා අභාවප්ප්‍රාප්ත වූ බව වාර්තාවේ.මියයන විට වයස අවුරුදු 83 විය.ඔහු 1940 නුවරදී උපත ලබා තිබු අතර කළක් ඔහු ඔත්පලව සිටියේය.
ඔහුගේ පියා කලන්සුරිය පැන්සිස් අප්පුහාමි වූ අතර මව බෙන්ගමුව ආරච්චිගේ පොඩි හාමිනේ ය.කිරිබත් කුඹුර ශ්‍රී සවර්ණජෝති පාසලින්ද මහනුවර ධර්මරාජ විදුහලින්ද සිය මුලික අධ්‍යාපනය හැදෑරු ඔහු මුල් කාලය තුළ කෘෂ්කර්ම දෙපාර්තමේන්තුවේද ,පසුව යුද හමුදාවේ සේවාවේ නිරත විය.වසර 6ක සේවකාලයේ දී ඔහු ලාන්ස් කෝප්‍රල් තනතුරක් දැරුවේය.අනතුරුව ස්ථාන කිහිපයකම සේවාවේ නිරතවුවද ඉන් සෑහීමකට පත් නොවී කලං මහනුවර ටේලර් සාප්පුවක් අරඹා තමන්ගේම ව්‍යාපාරයක නිරතවුයේය.ඔහුගේ ජිවන මග සිනමා පටියකට නගන්නේ නම් මැනවයි මට සිතේ.
ඔහු දරු තිදෙනෙකුගේ පියෙකුවූ අතර ඔහුගේ බිරිඳ අජන්තා ඒකනායකයි. ඔවුනට එක පුතෙකු හා දියණියන් දෙදෙනෙකුද සිටිති.
ඔහු “හන්තානෙ කතාව”, “අක්කර පහ”, “නිම් වළල්ල” යන චිත්‍රපටවල රඟපෑ අතර “අහස් ගව්ව” චිත්‍රපටයේ රංගනයෙන් “කලං” ඉතා ජනප්‍රියත්වයට පත් විය.ඔහු අපේ සිනමාවේ පෙම්වත් චරිත සම්ප්‍රධාය වෙනත් අතකට ගෙන ගිය නිර්මාන රංගනයක යෙදුනු පෙරළිකාර නළුවෙකු විය.
“බඹරු ඇවිත්” “පොඩි මල්ලි” “අනූපමා” “අපේක්ෂා” පරිත්‍යාගය” “සිංහබාහු” “යස ඉසුරු” “පෙම් රජ දහන” සහ “වජිරා” යන චිත්‍රපට වල යෙදුනු හැම චරිතයම පාහේ ඉතා විශිෂ්ඨ ලෙස රංගනයක යෙදුණු නළුවෙකු විය.ඔහු ටෙලි නාට්‍ය රැසක්ද රංගනයෙන් දායක වූ අයෙකි.ජනතා සම්මානයට පාත්‍රවූ අයෙකි. ඉහළම ජනප්‍රියත්වයට පත් ඔහු සිනමාවේ කිසිදින අමතක නොවන චරිතයකි.
ඔහුගේ රංගන කුසළතා නිසා දීපශිකා, සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ සහ සිග්නීස් සම්මාන වලින් පිදුම් ලබන්නට ඔහු සමත්වුයේය. ඔහුට 2004 වසරේ සිග්නීස් සම්මාන උළෙලේ යාවජීව ගෞරව සම්මානය පිරිනැමුණු අතර 2023 දී දෙරණ සම්මාන උළෙලේදී ද ඔහු ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවේය.
පනස් වසරක් සිනමාවේ විවිධ චරිත වලට පණදුන් ඔහු අක්කර පහ අහස්ගව්ව රංගනය සඳහා 1974 ජනාධිපති හා සරසවි සම්මානයට පාත්‍ර විය.පුංචි තිරයේ ඩී .බී , නිහාල්සිංහයන්ගේ දිමුතු මුතු හා රොඩ්නි විදානපතිරණගේගේ අධ්‍යක්ෂයෙන් නිපදවූ නිර්මාණ සඳහා ඔහු සම්මානයෙන් පිදුම් ලබා තිබුනි.
ඔහු සරසවි සිසුන් අතර මෙන්ම තරුණ පිරිස් වල හද කර්ශනීය හදවත් දිනාගත් නළුවෙකු වුයේය. ඒ නිසාම ඔහු කොළඹ සරසවිය, රුහුණු සරසවිය සහ පේරාදෙණිය සරසවිය ආදියෙන්ද විශේෂ ඇගයීම් කලං වෙනුවෙන් සිදු කර තිබුණි.2018 වසරේ ජනවාරි 14 වන දින ඔහු බොදු සිසු විරාජමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේය.
අපේ සිනමාවේ පෙම්වතුන් බොකුටු කොණ්ඩය ඇති ඉතා ජවසම්පන්න රුප කායකින් හෙබි නළුවන් යොදා ගැනීම අවසන් වුයේ “කලං”ගෙන් යයි කිවොත් නිවැරදිය.
මට ඔහු අවස්ථා ගණනාවකදී මුණගැසීමට හැකිවූ අතර 1980 මුල් සමයෙහිදී කොළඹ දිසා අධිකරණයේ පැවති නඩුවකදී ඔහු වෙනුවෙන් පෙනීසිටීමටද මට හැකිවිය. ඔහු ඉතා සරළ දිවිපෙවෙතක් ගත්කල අයෙකු විය,
දසක ගණනාවක් ඔබ කල මෙහෙය අප සදා සමරමු , කලං ඔබට සුභ ගමන්
ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ.
(මෙම සේයාරූ අන්තර් ජාලයෙන් ලබාගත් ඒවායේ හිමිකම් අයිතිකරුවන් සතු බව කරු ණාවෙන් සලකන්න )