
ශ්‍රී ලාංකීය චිත්‍ර කතාවේ ඉතිහාසයේ එක් යුගයක ඔහු යුග පුරුෂයෙකු විය. රුපවාහිනී නාළිකා නැති යුගයක චිත්‍රකතා එදිනෙදා ජිවිතයේ බැහැර කල නොහැකි විශේෂාංගයක් බවට පත්ව තිබුණි.දිනපතා හා සති අග පුවත් පත්වල අලෙවියට ප්‍රධාන සාධකයක් බවට චිත්‍රකතා පත්ව තිබු අතර පත්‍ර කලාවේ නැතිවම බැරිවූ සාධකයක් බවට එකී චිත්‍රකතා පත්ව තිබුණි,එකී චිත්‍ර කතාවේ ඉතිහාසයේ පුරෝගාමියෙකු වූ හා එහි සුවිශේහි කාර්ය භාරයක් ඉටු කල යුග පුරුෂයෙක් ලෙස ජ්‍යෙෂ්ඨ චිත්‍ර කතා ශිල්පියෙකු වන බන්දුල හරිස්චන්ද්රයනට හිමි වන්නේ මුල් තැනකි. ඔහු සිය ගමන් මග අවසන් කරමින් බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (පෙබරවාරි 1 වනදා) අභාවප්‍රාප්ත වී තිබුණි.
දේශීය චිත්‍ර කතා කලා සම්ප්‍රදායක් ගොඩනැගීම සඳහා පුරෝගාමීව කටයුතු කළ බන්දුල හරිස්චන්ද්‍රයන් 1940 මැයි මස 24 වැනිදා උපත ලබා තුබූ ඒ මහතා මියයන විට 85 වැනි වියේ පසු විය.පානදුර, කෙසෙල්වත්ත ගමේ උපත ලද දොම්පෙගේ බන්දුල හරිස්චන්ද්‍ර පීරිස් ශ්‍රී ජින ධර්මදාන විදුහලින් සිප්සතර හැදෑරීමෙන් පසුව හේවුඩ් රජයේ ලලිත කලායතනයේ දී වැඩිදුර ශිල්පය හදාරනු ලැබීය.
පාසැල් අවදියෙහි හ පටන් සිය නිර් මාණ සඳහා වසර ගණනාවක් තිස්සේ සම්මාන පිට සමාන ලබාගනිමින් පුවත්පත්, සඟරා, පොත් පිටකවර, චිත්‍ර කතා, තොරණ සිය තෙළිතුඩින් වර්ණවත් කළ හරිස්චන්ද්‍රයන් සම කළ නොහැකි චිත්‍ර ශිල්පියෙකු විය. ශ්‍රී ලාංකේය චිත්‍ර කතා කලාවේ ප්‍රථම වර්ණ චිත්‍ර කතාව ‘නළ දමයන්ති’ නමින් නිර්මාණය කිරීමේ ගෞරවයට ද හිමිකම් කියන්නේ හරිස්චන්ද්රයන්ය.
.ජාතික කලා පෙරමුණේ චිත්‍ර තරගයෙන් වසර ගණනාවක්ම ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කිරීමත්, ජාතික කලා පෙරමුණ විසින් පානදුරේ ආරම්භ කළ ලලිත කලායතනයේ චිත්‍ර ගුරුවරයෙකු ලෙස ඉගැන්වීම සිදු කරනු ලැබුවේය. අනතුරුව ඔහු හෙන්රි තෙන්නකෝන් මහතාගේ මඟ පෙන්වීම අනුව ලේක්හවුසියට සම්බන්ධ වූ හෙතෙම ‘දිනමිණ’ පුවත්පතට සේවය අරඹා තිබුණි.සිය පළමු චිත්‍ර කතාව වූ ‘සුලසා ජාතකය’ 1962දී ඇඳීම නිසා ඇරඹුණු එහි1962 සිට 1978 දක්වා කාලයේ ලේක්හවුස් ආයතනයේ සේවය කළේය.මෙම කාල වකවානුවතුළ ඔහු ‘දිනමිණ’, ‘සිළුමිණ’, ‘නවයුගය’ හා ‘සතුට’ පත්තරවලට චිත්‍ර කතා නිර්මාණය කළේය. සිළුමිණේ පළ වූ සිංහබාහු, පණ්ඩුකාභය, නයනා, පෙතිගෝමර, හත්වැනි දවස, දේවතාපය, අරාබි නිසොල්ලාසය, ග්‍රීක-රෝමා කතා, ජාතක ආදි වශයෙන් ඔහුගේ චිත්‍ර කතා විය.
1977 මා ලේක් හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතෙහි සේවාව ඇරඹු සමයේ දී බන්දුල හැරිස් චන්ද්‍රයන් එම පුවත්පතේ චිත්‍ර ශිල්පියා ලෙස කටයුතු කළේය.උදැසන සිට මා ආසන්නයේ පුටුවකට නැඹුරුවී සිතුවම් මවමින් සිටි ඔහු දිනක්මට එක ඉරියව්වකට ඉන්නයයි ඇරයුම් කළේය.ඔහු මගේ ඉරියව් කිහිපයකින් සිතුවම් වලට නගා මට කිවේ ඔහු අළුතින් පටන් ගන්නා චිත්‍රකතාවේ මගේ හැඩරුව තිබෙන තරුණයෙකු ලෙස ඇතුලත් කරන බවයි. මේ කතාව සතිපතා සිලුමිණේ හි පළවූ “පෙති ගෝමර” චිත්‍ර කතාවයි. එය පසුව චිත්‍රපටියකටද නගා තිබුණි. මා ඇඳසිටි ඩබල් පොකට් කමිසය එලෙසම ඔහු සිතුවමට නගා තිබුණි.මේ කාලයේ උදේ හවස අප ගෙවූ කාලය මට අදමෙන් සිහිවේ.මා ලන්ඩනයේ සිටද ඔහුට කිහිප විටකදී කතාකරන්නට හැකිවුයේය. අද ඔහු අපෙන් සදහටම වියෝවී ගොසිනි.
තවද ජාතක කතා, සද්ධර්ම රත්නාවලිය සහ සද්ධර්මාලංකාරය ඇසුරින්, මහාවංශය ඇසුරින් උන්මාද චිත්‍රා, සිංහබාහු, පණ්ඩුකාභය, මහා භාරතය ඇසුරින් නළ දමයන්ති, සකුන්තලා, කතා සරිත් සාගරයෙන් දේවස්මිතා, හෝමර්ගේ ග්‍රීක වීර කතා ඇසුරින් රහස් හස්තය, හෙලන්, අරාබි නිසොල්ලාසය ඇසුරින් සින්බෑඩ්, කසපහර, අලි බබා සහ හොරු හතළිහ රසිකයාට මතකයට නැඟෙන චිත්‍ර කතා කිහිපයක් බව ඒ පිලිබඳ ලිපියක සඳහන්ව ඇත.
පසුව මල්ටිෆැක්ස් ආයතනයටත්, කැමිලස් පබ්ලිකේෂන් ආයතනයටත්, සුමති ආයතනයටත් ඔහු එක්ව තිබුණි. ඒ කාලයේ දී චිත්‍ර කතා 170කට වඩා ඔහු විසින් නිර්මාණය කර ඇත. එයින් චිත්‍ර කතා 65ක් ජාතක කතායයි සඳහන් වේ.
පොත් කවර නිර්මාණය ද ඔහුගේ සුවිශේෂී දක්ෂතාවකි. පොත් කවර නිර්මාණය ආරම්භ වන්නේ 1961දී දෙවුන්දර සිරිනන්ද හිමියන්ගේ ‘මගේ හීන’ කෙටි කතා පොතට පිට කවරය ඇඳීමෙනි. පෝස්ටර් සැලසුම් හා ප්රචාරක දැන්වීම කටයුතුවලදී තම අනන්‍යතාව සලකුණු කළ චිත්‍ර කලාකරුවකු ලෙස නමක් දිනාගැනීමට ඔහුට හැකි විය. මුද්දර කාර්යාංශය හා එක්ව මුද්දර නිර්මාණයට ද යුනිසෙෆ් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරාධනයෙන් පෝස්ටර්, කුඩා පොත්, අත්පත්‍රිකා නිර්මාණයට ද දායක වීම ඒ අතර විශේෂ වේ. ඔහු ජාතික චිත්‍ර කතා පදනමේ අනුශාසකවරයෙක් ලෙස ද කටයුතු කළේය.
දේශීය චිත්‍ර කතා කලා සම්ප්‍රදායක් ගොඩනැගීම සඳහා පුරෝගාමීව කටයුතු කරන ඒ මහතා අතීත ලෙන් විහාරවල ජාතක කතා සිත්තම් කළ සම්ප්‍රදාය අනුගමනය කරමින් චිත්‍ර කතා කලාව තුළ ගෙනගිය ගමන් මග ප්‍රශංසනීය එකක් බව කිව යුතුය.බන්දුලයන්ගේ මෙම සේවාව මෙතෙක් පැවත් කිසිදු රජයක් විසින් නිසි ලෙස අගය කල නැතැයි මට සිතේ.
චිත්‍ර ශිල්පයෙහි පරිනත අවධියේ දී පන්සල් බිතුසිතුවම් කලාවට යොමුවන ඒ මහතා බොරැල්ල ශ්‍රී ලංකාරාමය, අම්බලන්ගොඩ කලුවඩු මුල්ල යන විහාරස්ථානවල සිතුවම්කරනයට දායකත්වය ලබාදුන් අයෙකු විය.
ඒ මහතාගේ දේහය පානදුර, අළුබෝමුල්ල, වලව්වත්තේ, අංක 14D නිවෙසේ තැන්පත් කර ඇති අතර, අවසාන කටයුතු අද (02) පස්වරු 4.30ට බණ්ඩාරගම සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතය.
ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්දුල හරිස්චන්ද්රයාණෙනි , සුබ ගමන්
නීතිඥ ශාන්ත සේනාධීර

