
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා කෝකිලයාණෙනි ,
,ඔබට සුභ ගමන්
දශක හතරකට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරනු ලැබු ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා සමු ගත්ශෝක ජනක පුවත අද උදැසන අපට අසන්නට ලැබුණි.ඔහු මියගොස් තිබුණේ අද උදැසන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.ඔහු කළක් අසනීපයෙන් පසුවිය.
ඔහු මියයනවිට 69 වියෙහි පසුවිය. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදී සිසුවෙකුවූ සමන් පාසල් සමයේ සිට ගීත ගයනට පිවිස තිබු අතර ඔහු වඩා ජනප්‍රිය වුයේ බයිලා ගායකයෙකු ලෙසය. නව ආරක බයිලා සංගීත රටාවක් අනුගමනය කරමින් අප රටේ තරුණ බාල මහලු රසික ආකර්ෂණය ලබාගත් සමන් සංගීත වේදිකාවට පිවිස තිබුනේ 1975 දී යයි සඳහන් වේ.
ඔහු ගැයූ සියගණනක් බයිලා ගී අතරේ නියරේ පියනගලා, පුංචි කුරුළු කූඩුවේ, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කරනු ලැබ තිබේ.
ඔහු විසින් ගායනා කරන ලද “නියරේ පියනගලා”, “පුංචි කුරුළු කූඩුවේ,”, “එපා එපා රැවටෙනු (සුරූපී විරූපී)”, “සංතෝස වෙන්න ප්‍රීති වෙන්න”, “තනතිල්ල දිගේ”, “පුරහඳ නැගුණා”, “අයරින් ජොසපින්”, “දෙව්ලොව දෙවියනේ”, “හඬවලා සිතක්”, “පිණිබර සීතා යාමේ” සහ “මතකයි අම්මේ” වැනි ගීත ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුළ සදා අමරණීය වනු ඇත.
සමන් ද සිල්වා මහතා ගායක ගායිකා සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. සමන් ලොව පුරා විසිරි සිටින අප රසිකයන් පිනවන්නට ජාත්‍යන්තරයට ගෙනගිය වැඩිම ගණනක් සංචාරය කර තිබූ බයිලා ගායකයායයි කිවොත් නිවැරදිය.
එක්සත් ජාතික පක්ෂයේ කලා සංසදයේ ජාතික සංවිධායක තනතුර ද හොබවා ඇති අතර පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර තිබු අයෙකි.
සමන් ද සිල්වා මෙරට බොහෝ බයිලා ගායකයන් ගේ නිජබිමක්වූ මොරටුව ප්‍රදේශයේ වාසය කළේය.
ලන්ඩනයේ ජෝති සංගීත රාත්‍රිය මෙන්ම සංගීත සංදර්ශන රාශියකට සහභාගී වූ අයෙකුවූ තර ඔහු අප හැමගේ සොඳුරු ලැබඳි මිතුරෙකුද විය. ඔහුගේ පාසල් සමයේ මිතුරෙකුවූ ස්කයි ලයින් නිර්මාතෘ හේමන්ත ගුණධීරයන්ගේ සංවිධානත්වයෙන් පැවැති සංගීත සංදර්ශන රාශියකට සහභාගී වූ බව සඳහන් කලයුතුය. ඔහුගේ දෙටු පුත් චිලන්ද ලන්ඩනයේ දැනට වාසය කරයි.සමන් විනෝදාංශයක් ලෙස පැරණි මෝටර් රථ ගණනාවක හිමිකරු විය.
ඔහුගේ අභාවයත් සමඟ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය සුවිශේෂී හා අනුපමේය ගායන ශිල්පියෙකු අපට අහිමි වූ බව කිවයුතුය.
අවසන් කටයුතු සම්බන්ධව ඉදිරියේදී දැනුම් දෙනු ඇත. සමන් ද සිල්වා මහතාගේ අභාවය වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට, හිතවතුන්ට සහ රසිකයින්ට අපගේ බලවත් සංවේගය පළ කර සිටිමු.
සමන්, ඔබට උතුම්වූ අමා මහා නිවන් සුවය ලැබේවායි පතන්නෙමු
ලංකා නිවුස් යුකේ