ප්‍රදේශ 6ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම්

0
286

ප්‍රදේශ 6ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම්
ARUNA LK NEWS
23 October 2023

ප්‍රදේශ 6ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම ප්‍රදේශ 6ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශය සඳහා ඉදිරි පැය 24 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙලෙස පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එසේම මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රදේශය සඳහා ද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සහ වරකාපොළ ප්‍රදේශ සඳහා ද ඉදිරි පැය 24 සඳහා ක්‍රියාත්මක වන පරිදි පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගලවෙල සහ රිදීගම ප්‍රදේශ සඳහා ද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

අද පස්වරු 3 සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නායයෑමේ අනතුරු ඇඟවීම පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here