
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කරයි
ARUNA LK NEWS
23 November 2024
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
මහනුවර ප්‍රදේශයේදී අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන කියලා. මේ අවුරුද්දෙ පවත්වන්න ප්‍රතිපාදන වෙන්කරලා නැහැ. නමුත් ලබන අවුරුද්දෙ මුල පළාත් පාලන මැතිවරණය.. ඒ කියන්නේ ප්‍රාදේශීය සභා නගර සභා මැතිවරණය පවත්වන්න අපි සූදානම් වෙලා ඉන්නවා”.