පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් මැතිවරණ කොමිසම හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි -ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

0
189

Lanka News UK

23/08/24

පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් මැතිවරණ කොමිසම හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා
මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි -ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

පළාත් පාලන ඡන්දය 2023 වසරේ මාර් තු මස 09 වනදා නියමිත පරිදි නොපැවැත්වීමෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දු කළේය.

පළාත් පාලන ඡන්ද විමසීම වහා පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසම වෙත මේ අනුව ඔවුනට නියම කළේය.

පළාත් පාලන ඡන්ද විමසීම 2023 වසරේ මාර් තු මස 09 වනදා පවත්වන බව සඳහන් කරමින් ජාතික මැතිවරණ කොමිෂන් සභාව ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කරනු ලැබ තිබු අතර එය නොසලකා හරිමින් කටයුතු කර ඇති බැවින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දුව දෙමින් රජයට වහා ඒ සම්බන්ධව පියවර ගැන ලෙස දන්වා සිටියේය.

එහෙත් එවක පැවති ආර් ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ පනවා තිබූ මූල්‍ය රෙගුලාසි සහ නියමයන් ප්‍රකාරව ඡන්දය සඳහා ප්‍රමාණවත් මුදල් වෙන්කිරීමේ දුෂ්කරතාවක් පවතින බව අදාළ ආයතන සහ මුදල් අමාත්‍යංශය දැනුම්දීමත් සමග මෙම ඡන්ද විමසීම පසු ගිය අප්‍රේල් මස 25 වන දින දක්වා කල් දමා තිබුණි.

ඉහතකි කරුණු නොසළකා හරිමින් දිගින් දිගටම පළාත පාළන ඡන්දය දින නියමයක් නොමැතිව රජය විසින් කල් දමා තිබු අතර, ඊට එරෙහිව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළේය.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගයෙන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහි තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු ගාමිණි අමරසේකර මහතා පැවසුවේ,

“නිසි කලට ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතා පරමාධිපත්‍ය නොසලකා හැරීමක් සිදු කර ඇතැයි පැවසූ අතර ඉන් සර්වජන ඡන්ද අයිතියද උල්ලංඝනය වීම සිදුවෙන බව සඳහන් කළේය. නිසි කලට නියමිත පරිදි ඡන්ද පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක් බවත් , එම බලතල ක්‍රියාවේ යොදවා අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු නොකිරීම තුළින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (අ) යන ව්‍යවස්ථාවල සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙනවායයි සඳහන් කළේය. ඒ අනුව මැතිවරණ කොමිසම තමන්ට පැවරී ඇති බලතලවලට අනුව අවශ්‍ය රජයේ ආයතනවල සහාය ලබාගනිමින් අදාළ ඡන්ද විමසීම පැවැත්විය යුතුයි”.මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේය.තවද
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඊට දායක වී ඇති බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

“මෙම ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කොට නැති බවත් . එසේම අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අනුමත කරගැනීම සම්බන්ධයෙන්ද මුදල් අමාත්‍යවරයා ක්‍රියාකර නැතායි ද පැවසීය . රජයේ අත්‍යවශ්‍ය වියදම්වලට ප්‍රමුඛතාවක් ලබාදීමට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් වශයෙන් සම්මත වී නොතිබුණු පසුබිමක ඒ යටතේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහාරාජ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් නොකිරීම නීති විරෝධියයියි සඳහන් කළේය. මෙහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබූ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කටයුතු කර තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මතයි . ඒ අනුව ඔහු මෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ ක්‍රියාවලියට දායක වී ඇති බව තහවුරු කෙරෙන කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් වී නැතැයි ද සඳහන් කර ඇත.

ඒ අනුව 2023 මාර්තු මස 09 වැනිදා නියමිත පරිදි පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස නියම කළේය.

මෙහිදී අදහස් දැක් වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා

“අපි සෑමවිටම උත්සාහ දැරුවා මේ තියෙන නීතිමය රාමුව තුළ කොහොමද මැතිවරණය පවත්වන්නේ කියන එක සම්බන්ධයෙන්. අපිට අධිකරණය දුන් මේ තීන්දුව නිසා නිසි පියවර ගැනීමට කොමිෂන් සභාව වෙන බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here