
පළමු වරට දුරස්ථ තාරකා පංතියක් වටා පිහිටි ඝන ජලය සොයා ගනියි
18 May 2025
නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) භාවිත කරමින් තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඉතා දුරස්ථ වුවත් තරුණ තරු පංතියක් වටා ඝන වූ ජලය පවතින බව තහවුරු කර ඇත.
විද්‍යාඥයන් විසින් පෘථිවිය අයත්වන සෞරග්‍රහ මණ්ඩලය වටා ඕනෑ තරම් ඝන වූ ජලය සොයාගෙන ඇති නමුත් අනෙකුත් තරු පංති වටා ඝන ජලය පිළිබඳ නිශ්චිත සාක්ෂි ඔවුන් සතුව ඇති පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.
The journal Nature සඟරාවේ සඳහන් කර ඇත්තේ, වසර මිලියන 23 ක් පමණක් පැරණි, ආලෝක වර්ෂ 155 ක් දුරින් පිහිටි සූර්යයා වැනි තාරකාවක් වටා කක්ෂගත වන දූවිලි සහිත සුන්බුන් තැටියක ස්ඵටිකරූපී ඝන ජල සොයාගෙන ඇති බවය.
තාරකාව සූර්යයාට වඩා තරමක් විශාල හා උණුසුම් වන බැවින් එය වටා තරමක් විශාල පද්ධතියක් ඇති වී ඇති බව සඳහන් වේ.
නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ සොයාගැනීම් අනුව HD 181327 ලෙස නම් කර ඇත.
අදාළ තාරකා විද්‍යාඥයින් පවසන පරිදි HD 181327 යනු ඉතා ක්‍රියාකාරී පද්ධතියකි.
එහි සුන්බුන් තැටියේ නිතිපතා, අඛණ්ඩ ගැටුම් පවත අතර එම අයිස් සහිත වස්තූන් ගැටෙන විට, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට හඳුනා ගැනීමට පරිපූර්ණ ප්‍රමාණයේ දූවිලි සහිත ජල අයිස් කුඩා අංශු නිකුත් කරන බව තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් පවසා ඇත. ( ARUNA LK NEWS)