
පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට
24 August 2024
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුළු 05කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ පළමු ඉනිම සදහා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 236ක් රැස්කර ගත් අතර, අනතුරුව පිටියට පැමිණි එංගලන්ත පිල ලකුණු 358ක් රැස්කර ගැනීමට සමත් විය.
අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 326ක් රැස්කර ගත්තේය.
ඒ අනුව ශ්‍රී ලංකා පිල එංගලන්තයට ලබාදුන් ඉලක්කය ලකුණු 205කි.
අනතුරුව පිටියට පැමිණි එංගලන්ත පිල කඩුළු 5ක් දැවී ලකුණු 205ක් ලබාගෙන තරගය ජය ගැනීමට සමත් විය.
ARUNA LK NEWS