පළමු ඉලක්ක දෙකම සාර්ථකයි

0
385

පළමු ඉලක්ක දෙකම සාර්ථකයි
DINAMINA NEWS
July 11, 2023

පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්


ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ වෙත පැමිණෙද්දී තිබූ ඉලක්ක දෙකම සාර්ථක වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි අවසන් මහා තරගය ජය ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී සිල්වර්වුඩ් මහතා මේ බව පැවැසීය. කණ්ඩායමේ අපේක්ෂාවන් සම්පූර්ණ කිරීමට කැපවීමෙන් කටයුතු කළ සියලු ක්‍රීඩකයින්ට ප්‍රශංසා හිමි වන බව ඒ මහතා සඳහන් කළේය.

“පළමු ඉලක්කය ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමයි. මුලින්ම ඒ ඉලක්කය සාර්ථක කළා. ඊළඟ ඉලක්කය වූණේ අවසන් තරගය ජය ගැනීමයි. පිතිකරණයේ යෙදෙන විට සිම්බාබ්වේ තණතිලි හැසිරෙන ආකාරය කොහොමද කියා වටහා ගත්තා. සැලැසුම් සකසා ඉදිරියට යන විට සාර්ථක ප්‍රතිළුල ගන්න පුළුවන්. මේ ලබාගත් වේගය ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානයට ගෙන ඒමට අවශ්‍යයි.

අපි පසුගිය වසර දෙක තුළ ඉන්දියාවේ බොහෝ තරග ක්‍රීඩා කළා. එහි කඩුලු හැසිරෙන ආකාරය ගැන අපට අවබෝධයක් තියෙනවා. සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී අප වර්ධනය කර පෙන්වූ විශ්වාසය ඉදිරියට යා හැකියි“ සිල්වර්වුඩ් මහතා විශ්වාසය පළ කළේය.පළමු ඉලක්ක දෙකම සාර්ථකයි

ප්‍රින්ස් ගුණසේකර
July 11, 2023

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here