නෙදර්ලන්තය ලංකාවෙන් ගත්ත කෞතුක භාණ්ඩ කිහිපයක් ආපසු දෙයි

0
314

නෙදර්ලන්තය ලංකාවෙන් ගත්ත කෞතුක භාණ්ඩ කිහිපයක් ආපසු දෙයි

ARUNA LK NEWS

25 August 2023

නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය පිළිබඳ රාජ්‍ය ලේකම් ගුනේ උස්ලු ප්‍රමුඛ එරට දූත පිරිසක් අගෝස්තු 27 වනදා සිට 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. 

මෙම වසර අගදී නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත සංස්කෘතික වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩවල අයිතිය පැවරීමේ නෛතික ලියවිල්ලට අත්සන් තැබීම සඳහා මෙම දූත පිරිස පැමිණෙති. 

අදාළ ලිපි ලේඛන සඳහා අගෝස්තු 28 වනදා අත්සන් තැබීමට නියමිතය.

සුප්‍රසිද්ධ ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රන් කස්තාන දෙකක්, පිහි දෙකක්, රිදී කස්තාන සහ තුවක්කු දෙකක් ඊට ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here