නිවාස සංකීර්ණයන්හි නිවෙස් මිලට ගත් අයටත් බද්දක්

0
337

නිවාස සංකීර්ණයන්හි නිවෙස් මිලට ගත් අයටත් බද්දක්
ARUNA LK NEWS
28 August 2023

ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයන්හි නිවාස මිලදී ගත් අයගෙන් ආදායම් බදු අය කිරීමට රජය තීරණය කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩබ්ලිව්.එන්.ඒ. විජේසූරිය සඳහන් කළේ, ඒ අනුව නිවාස මිලට ගෙන ඇති පුද්ගලයන් හා ඒවායේ පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සපයන ලෙසයි.

එම තීරණය අනුව නිවාස සංකීර්ණ කළමනාකරණ සමාගම් වෙත ලිඛිතව මේ සම්බන්ධව දැනුම් දී තිබේ.

වර්තමානයේ රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට බදු ආදායම විශාල ලෙස වැදගත් වේ.

ඒ හේතුවෙන් දැනට එම නිවාස සංකීර්ණයන්හි පදිංචිව සිටින සියලු පුද්ගලයන් පිළිබඳ තොරතුරු සපයන ලෙස දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ ලිපියේ සඳහන් වේ.

එමෙන්ම දේශීය ආදායම් පනතේ වගන්ති අංක 123(1) ප්‍රකාරව තමන්ට හිමි වී ඇති බලතල අනුව මෙම ලිඛිත ඉල්ලීම අදාළ ආයතනවලට යොමු කරන බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here