‘නිදහස්’ පැරෂුට් අනතුරෙන් හමුදාවේ 4 ක් රෝහලට
LANKADEEPA LK NEWS
(යොහාන් භාසුර සහ ගයාන් සුරියආරච්චි)
2024 ජනවාරි මස 30 බැලුවෝ – 536
නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.
පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් අනතුරට පත්ව ඇති බවත් එම අමාත්‍යංශය කීය.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිදහස් දින නිමිත්තෙන් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන පැරශුට් පෙරහුරුවේදි පැරශුට් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගුවන් හමුදා පැරශුට් බටයන් දෙදෙනෙකු තුවාල ලබා මීට සුළු මොහොතකට පෙර කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය