නව කථානායක ජගත් වික්‍රමරත්න

0
246

නව කථානායක ජගත් වික්‍රමරත්න

DIVAINA LK NEWS

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

-December 18, 2024

මම ඔබේ අයිතිය රකිනවා – නව කථානායක වකුගඩු රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

මෙරට 23 වැනි කථානායක ලෙස තේරී පත්වූ ජගත් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවය කළ පරිපාලන අධ්‍යක්ෂවරයෙකි.

ඔහු ගල්අමුණ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් උසස් පෙළට පෙනී සිට තිබේ. පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යා උපාධිය ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය පරිපාලන උපාධිය ද ලබා ඇත. එමෙන්ම විෂය ක්ෂේත්‍රයට අයත් දෙස් විදෙස් පාඨමාලා හා පුහුණු වැඩසටහන් විශාල ප්‍රමාණයකට ඔහු සම්බන්ධ වී තිබේ.

වෛද්‍යවරයකු, වෛද්‍ය පරිපාලන අධ්‍යක්ෂවරයකු ලෙස හා පොලොන්නරුවේ චීන ශ්‍රී ලංකා ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවය කර ඇති ඔහු වසර 26ක කීර්තිමත් වෘත්තීය ජීවිතයක් ඇති අයෙකි.

මෙවර මහ මැතිවරණයට ජාතික ජන බලවේගය යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප 51,391ක් ලබා ගනිමින් ඔහු පාර්ලිමේන්තු වරම් දිනා ගත්තේය.

නව කථානායක ලෙස පත්වූ ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී මෙසේ කීය. මා මෙම උත්තරීතර නිලය දරන තුරු මහජන නියෝජිතයින් ලෙස ඔබ සියලු දෙනාගේම අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන බවට පොරොන්දු වෙනවා. 10 වැනි පාර්ලිමේන්තුව ජාති ආගම් භේදයෙන් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශි පාර්ලිමේන්තුවක් බවට පත්කිරීමට සියලු දෙනාගේ සහයෝගය නැවත ඉල්ලා සිටිනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here