
නව අග විනිසුරු පත්වේ.
DIVAINA LK NEWS
02/12/24
නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02දා) පෙරවරුවේ දිවුරුම් දුන්නාය.
මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාව ලෙසත් 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක්වේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමත් සමග මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම තනතුර සඳහා නම් කරනු ලැබ තිබේ.
1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක්වු ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධූරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයටත්, 2018 වසරේ මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත් වු ඇය 2024 වසරේ ඔක්තෝබර් 10 වන දා වැඩබලන අගවිනිසුරු ධූරයට පත් කරනු ලැබීය.
ඇය මොරටුව වේල්ස් කුමරි විදුහලේ දීප්තිමත් ආදී ශිෂ්‍යාවක් වේ.
මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙරට අගවිනිසුරු ධූරයට පත්වූ දෙවන කාන්තාව ලෙස ඉතිහාසයට එක්වනු ඇත.