නන්දසේන සුරියආනන්දසේන සුරියආරච්චි දිවිරඟමඩලට සමුදෙයි

0
230

නන්දසේන සුරියආරච්චි දිවිරඟමඩලට සමුදෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ ග්‍රන්ථ කතුවරයකු වූ නන්දසේන සුරියආරච්චි මහතා දෙසැම්බර් මස 28 අභාවප්‍රාප්ත විය.මිය යන විට 78 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.

ඔහු ලේක්හවුස් හි දිනමිණ ,සිළුමිණ කතු මඩුල්ලේ උප කතුවරයෙකු ලෙස කලක් සේවය කර තුබූ අතර ඉතා නිහතමානී සංවේදී පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය කළ අයෙකුවිය.

අපි ඔහු හැදින්වුයේ නන්දේ නමින්ය. නන්දෙ කලක් දිනමිණ පත්‍රයේ නාට්‍ය හා සිනමා විචාරක යකු ලෙස කට යුතු කළේය. ඉතා උත්සහවන්ත පුද්ගලයෙකු ව නන්දෙ සිළුමිණේ සේවය කරන සමයේ මට ඔහු හා එහි සේවය කල අයෙකු විය. ඔහු කොන්දදෙණියේ හාමුදුරුවන් පිළිබඳවත් ,ලංකාවේ හිටපු අගමැති වරයෙකුවූ සර්ජෝන් කොතලාවල පිලිබඳ ඉතා විරළ රසවත් ලිපි පෙළක් සතිපතා සිළුමිණට ලියු බව මට අදමෙන් මතක්වේ. ඔහුගේ ඇරයුමෙන් අප කතුමඩුල්ලේ එවකට කතුවරයාවූ එඩ්මන් රණසිංහ හා නියෝජ්‍ය කතුවරයෙකුවු නැසීගිය කිර්ති ගුණවර්ධන මහතුන් ද කැටිව රත්මලානේ පිහිටි එතුමා ගේ නිවසට ගොස් කරනු ලෑබූ ඔහුගේ ජිවිත කතාව ලියා ඉතා හර බර ලිපි පෙළක් පළකර නු කබු අයෙකි. අනතුරුව ඔහු එම ලිපි පෙළ අල්ලා පොතක් ද ලියා ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.

මගේ මතකයේ හැටියට දිවයින පත්‍රය ඇරඹීමේ කාර්ය භාරය ඉටු කිරීමේ මුල් වූ නිහඬ කාර්ය භාරයක් න්නදේ ඉයු කලබව මට අද ,මෙන් මතකයට නැගේ. ඔහු එඩ්මන් රණසිංහ මහතා උපාලි විජේවර්ධනයනට හදුන්වා දුන් අය විය.උපාලි විජේ වර්ධනයන් එකල මහා කොළඹ ආර්ථික කොමිසමේ සභාපති වරයා විය. එහි පුවත්පත් සාකච්ජා වකට සහභාගිවී ලිපි පෙලක් ලිවිම සමග එකළ එහි සේවය කල විජිත යාපා හා සම්බන්ද වී මේ සඳහා මුලික කටයුතු පිලිබඳ කතා බහක දී තිබුණි. අනතුරුව ඔහුද එඩ්මන් රණසිංහ මහතා සමග දිවයින පත්‍රය ඇරඹීමට එහි කතු මඩුල්ලට එක්වූ අයෙකු විය.

රටක් සිය ලිපි වලින් පොත්පත් වලින් සිය දැනුම උපරිමයෙන් ලබාදුන් ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු වූ ඔහුගේ සේවාව බොහෝ දෙනෙකුට අමතක වූ සෙයක් එම පුවත් දෙස විමසා බැලීමේදී පෙනී යන කරුණක් වේ, මෙය ඉතා සෝචනීය කරුණක් බව කණගාටුවෙන් හෝ සිහිපත්කල යුතුය.මට සිළුමිණේ සේවය කළ අවදියෙහි එකම පත්‍ර කාර්යාලයක වැඩ අවසන්වී ඇතැම් දිනවල මැදියම් රැය පසුවූ එකම වාහනයක සිනාමුසු මුහුණින් විහිළු තහළු කරමින් ගෙ වීගිය සමය මට කොතරම් කාලපරාසයක් ගෙවුනද මතකයට නැගුණේ නන්දේ ගේ වියෝව අසා කම්පනයට පත්වූ හෙයිනි.
අවසන් කටයුතු පසුගිය දෙසැම්බර් 30 සෙනසුරාදා පස්වරුවේ කොහුවල පොදු සුසාන භූමියේ දී සිදු කර තිබුණි

ප්‍රිය මාධ්‍ය සගයාණෙනි, ඔබට සුබ ගමන්,

ශාන්ත සේනාධීර -ලන්ඩනයේ සිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here