දේශබන්දු පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

0
60

දේශබන්දු පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

May 2, 2025

ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ (01) ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වේ.

තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලා ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජන ඇද්ද යන්න පිළිබඳව පොලීසිය විසින් ආරක්ෂක තක්සේරුවක් කිරීමට නියමිත අතර ඔහුට ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නිර්දේශ කළහොත් එම ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කළේය. (Dinamina lk News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here